Saturday, October 6, 2012

නාඳුනන්නෙකු සංගීතය වයන විට






චිත්‍රපටිය  - අලෛපායුදේ
තිරගත වූ වසර - 2000
චිත්රපට අධ්යක්ෂණය - මනිරත්නම්
ගායනය - ස්වර්ණලතා
ගීත රචකයා - වෛරමුත්තු
සංගීතය - ඒ. ආර්. රහමාන්
විෂය - ප්‍රේමය හා විරහව


නාඳුනන්නෙකු සංගීතය වයන විට


නාඳුනන්නෙකු සංගීතය වයන විට
අඳුරේම සිටිමින් මම එය ආස්වාද කරමි.
ධයානයකට සමවැදී එය ගැනම සිතමි.
ටික ටික ඒ ගැනම සිතමින් එය ටම සෙනෙහස පාමි.
මා එයම ඉල්ල ඉල්ලා හඬා වැටුණද,
එය කිසිවකුටත් නොවැටහේ…….
වනයේ තිබෙන්නා වූ උණ පඳුරු වලට
ඔහු, මුමුණන්නා වූ රහස මට ද නොතේරේ ?

නාඳුනන්නෙකු සංගීතය වයන විට

බටනාලාව හා මල් පොකුර
නුඹලාත් මමත් එක් ජාතීයේය .
හදවතේ නිදන්ගත් වේදනාවෙන්
නුඹටත් මටත් හරි අඩකි
ඉබේම දෑසින් කඳුඵු ගලායාමට සැලැස් වූ
මී මෙන් රසවත්  වූ සංගීතය,
නුඹ නිසා මාගේ ශෝකය අමතක  කළෙමි.
මේ සුමියුරු සංගීතය නොවීනම්
කෙදිනදෝ මා මැරී තිබේවී…………..

නාඳුනන්නෙකු සංගීතය වයන විට

නිදි නැති පෙරදා රාත්‍රීයේ
මා හදවතේ යම් වෙනස් වීමකි………
එවැනි අනුකම්පා විරහිත රාත්‍රීන් වල,
නාඳුනන්නා එවූ වෙනස් වීමක්ද ?
මාගේ ශෝකය නිවීමට
ඖෂධයන් කොතැනකවත් නැත්තේය
හැර දැමූ ජල කරාමයක්  සේ හඬා වැටීමට
නෙතු රාශියක් ද මට නොමැත !

නාඳුනන්නෙකු සංගීතය වයන විට

3 comments:

  1. හ්ම්ම්ම් දෙමල ෆිල්ම් නම් වැඩිය බලන්නේ නැහැ මොකද භාෂාව තේරෙන්නේ නැහැනේ. ඔන්න මමට් හදන් මේ පැත්තේ යනවා එනවා.
    මම කෝරලේ වලව්වෙ කෝරලේ මහත්තයා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete