Friday, November 25, 2011

සරසවියේ දොරටුව ලඟ...

මාස දෙකකින් විතර ආයෙත් ..බ්ලොග් ලියන්න ආවා...ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් පටන් ගත්ත හින්ද බ්ලොග් ලියන්න කාල වේලාව හොයා ගන්න බැරි උනා....සමූහ බ්ලොගයේ සාමාජිකත්වය ලැබුන බව දැක්කේ එතකොට...

මේ මම මගේ බ්ලොගයට ලියපු කතාවක්...

වෙන මුකුත් නෙවෙයි...විශ්ව විද්‍යාල ජීවිතේ...මගේ ජීවිතේ අලුතින්ම පෙරලුනු පිටුව කිව්වොත් හරි...

සැප්තැම්බර් 4 වෙනිද ඉඳල ඔක්තෝම්බර් 4 වෙනකම් පූර්ව-අධ්‍යයන කාල  පරිච්ඡේදය කියල දෙයක් තිබුන...

කරපු දේවල් නම් මමත් හරියටම දන්නෙ නෑ...දේශන වර්ජනය කරන්න ඉගෙන ගත්ත හින්දා...( දේශපාලන ක්‍රියාකාරකම් උදෙසා නොවේ...මොරටුව සරසවිය දේශපාලනයෙන් තොර කලාපයකි - " ලොකු දෙයක්!!!")

එතනින් ඒ කතාව ඉවරයි...වෙනදට මාස 3ක් 4ක් තියෙන පූර්ව-අධ්‍යයන කාලය, නායකත්ව පුහුණුව හින්ද 1 මාසෙට බැස්සා... :'(

ඇවිල්ල හුස්මක් කටක් ගන්නත් කලින් ආයෙත් ඉගෙන ගන්න...පාඩම් කරන්න...කමක් නෑ කියලත් හිතෙනව...අවුරුද්දක් ගෙදරට වෙලා කාලෙ කෑව මදෑ...

කොහොම හරි කමක් නෑ...හරියටම අවුරුදු 4න් එලියට බහින්න ලැබුනොත් ඇති! කාගෙ කාගෙත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න කියල මම පතනවා...

අපේ සකල සිරින් පිරි සිරි ලංකාව හරි අමුතුයි නෙ...ඒ හින්ද කෝකටත් කවුරු කවුරුත් මේ ගැන කියල බාරයක් උනොත් හොඳයි...

රාමායනය නිව් වර්ෂන් රි මික්ස්

මේක මම මුලින්ම ලිව්වේ අම්බලමට දැනට ටික කාලෙකට කලින්. බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සමුහ බ්ලොග් අඩවියටත් මුලින්ම මේක ලියන්න හිතුනේ මේක හැමදාම අපේ රටේ වෙච්ච දෙයක් හින්දා

රාම රාවන කතා පුවතේ කුමක් සිදු වුනි දැයි සොයා
ගමන් කල විට හමු වුනා මට රාවනා මහා රජතුමා
යහන ගල මත එලුව පලසක දැහැන් ගතවී පසුවනා
රාවනා රජු සන් කළා මට අසුන් ගන්නට යයි කියා..............

පැමිණියේ නුබ මා බලන්නට කිම්ද හේතුව යයි අසා
විවර කරමින් දෙනෙත් ඇසුවා ඒ මහා නරපති තුමා
වාල්කිමිගේ රාමායනයේ කියන දේ ඇත්තද කියා
මා අසු විට හිනැහුනා ඔහු ඉහල අහසට නෙතු යොමා.............

කොල්ල කන්නට මගේ විජිතය පැමිණි රාමා නම් හොරා
පැවසුවා ලෝකෙට කියන්නට මගේ දුර්ගුණ ගොතගොතා 
බාර ගත්තලු කොන්ත්‍රාත්තුව වාල්කිමි නම් මනු සතා
ලිව්වලු බොරු ගොත ගොතා ඔහු රාමගේ ගුණ වය වයා............

බොරු ගොතා ලෝකෙටම පෙන්වූ වාල්කිමි කොයිබද කියා
මා ඇසුවා රජතුමාගෙන් ඔහුව හමු වන්නට සිතා
හමු වෙලා නුබ ඔහුව අහපන් සිදු වුනේ කීම දැයි කියා
අන්න ඉන්නවා චැනල් හතරේ ලොකුම පුටුවේ ඒ යකා .

Wednesday, November 23, 2011

කාල රාමුව සංතර්පණය කිරීම

පැය
විනාඩි
තත්පර
රාමු
00 : 00 : 00 : 00
.
.
.
.
.
.
.
ජීවිතයේ
අනිත්‍ය කාල රාමුව
නැවතී
නොසැලී
මග බලා
වැළපී
සිනාසී
දුක් විඳියි
00 : 00 : 00 : 00 ට
සම්ප්‍රාප්ත විය නොහැකි වී......


Tuesday, November 22, 2011

ඉල්ලගෙන යාම

අපේ අසල්වැසියෝ , නෑදෑ හිතවතුන් , යාළුමිත්‍රයෝ සමහර වෙලාවට අපෙන් එක එක දේවල් ඉල්ලගෙන යනවා. සල්ලි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර දොරේ වැඩ කරන මොනවා හරි බඩුවක් වෙන්න පුළුවන් නොයෙකුත් ආයුධ වෙන්න පුළුවන්. කීයෙන් කී දෙනෙක් ඔය ඉල්ලගෙන යන දේ එයාලගේ වැඩේ ඉවර කරලා අපිට ආපහු ගෙනිච්ච තත්වෙන්ම ගෙනත් දෙනවද???

ගොඩක් වෙලාවට අපිට වෙන්නේ අපිට ආපහු ඒ උපකරණය ඕනේ උනාම ගිහින් එයාලගෙන් ඉල්ලන් එන්න සමහර වෙලාවට එයාල අපිට කියනවා අපේ වැඩේ කරගෙන ඉවර උනාම එයාලට ආපහු ගෙනත් දෙන්නත් කියලා. ඇත්තම අයිතිකාරයෝ අපි ඒත් අපිට සිද්ද වෙලා තාවකාලිකව ඉල්ලන් ගිය අයගේ ආඩම්බර බලන්න. උදැල්ලක් පොරවක් නැත්නම් නොයෙකුත් ගෘහ උපකරන ඉනිමගක් යකඩ ඉන්නක් මෙකී නොකී ඕනෑම දෙයක් අපේ ගාව තියෙන ඒවා වෙන අය ඇවිත් අරගෙන යන්න පුළුවන්. අපිට වඩා සමහර අයට ඒවා නිතර ඒවා ඕනේ වෙනවා ඒත් එයාලා එවා තමන්ටම මිලදී ගන්නේ නැහැ අනුන්ගෙන් යැපෙනවා.

තමට මිලදී ගැනීමට බැරිකම නිසා ඉල්ලගෙන යන අය ටිකක් හරි සැලකිල්ලක් දක්වලා ආපහු මතක් කරලා ඉල්ලගෙන ගිය දේ ගෙනත් දුන්නත් , තමන්ට මිලදී ගන්න හැකියාව තියෙන අය නම් ගොඩක් වෙලාවට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ ඉල්ලගෙන ගිය දේ ආපහු ගෙනත් බාර දෙන්න. මේ ඉල්ලගෙන යන දේවල් අනුන්ගේ නිසා ගොඩක් අය කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන්නේ. බැරි වෙලා හරි අපි ගාව තිබිලා දුන්නේ නැත්නම් එහෙම කියන්නේ අපෝ මහ කුණු ලෝබ මිනිස්සු ඒ පොඩි දෙයක් වත් ඉල්ලුවට දෙන්නේ නැහැ කියලා. ඒත් එයාලා හිතන්නේ නැහැ එයාලට ඒ පොඩි දේවත් ගන්න උවමනාවක් නැහැ කියලා.

මට නම් වැඩියෙන්ම අත්දැකීම් තියෙන්නේ පොත් ඉල්ලගෙන ගිහිල්ල. දැක්කම ආසවට ඉල්ලගෙන යනවා කියවන්නෙත් නැහැ ගෙනත් දෙන්නෙත් නැහැ ආයි ඉල්ලුවම කියනවා අනේ තාම බැලුවේ නැහැ ඉක්මනට කියවලා දෙන්නම් කියලා. ඉල්ලගෙන ගිය කෙනාගේ ගෙදරට ගියොත් පේන්න තියෙනවා ඔය කොහේ හරි මුල්ලක දාලා තියෙනවා දූවිලි වැදි වැදී. වෙළඳ පොලේ තියෙන පොතක් නම් ආයි ගන්න හරි පුළුවන් සමහර ඒවා තියෙනවා ආයි ගන්න නැති ඒවා එහෙම කලාම තමා ඉවසන්න බැරි.

මන් නම් කියන්නේ තමන්ගේ දෙයක් උනත්, කටක් ඇරලා ආයි ඉල්ලන්න ලැජ්ජයි වගේ නම්,  කාටවත් දෙන්න එපා කියලා. මොකද අපේ අයට කවදාවත් ඉල්ලන් ගිය දෙයක් ආපහු මතක් කරලා ගෙනල්ල දෙන්න තරම් උවමනාවක් නැහැ. ගොඩ දෙනෙක් සද්ද නැතුව ඉඳලා අමතක කරලා දාන්න හදන්නේ.