Friday, November 25, 2011

රාමායනය නිව් වර්ෂන් රි මික්ස්

මේක මම මුලින්ම ලිව්වේ අම්බලමට දැනට ටික කාලෙකට කලින්. බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සමුහ බ්ලොග් අඩවියටත් මුලින්ම මේක ලියන්න හිතුනේ මේක හැමදාම අපේ රටේ වෙච්ච දෙයක් හින්දා

රාම රාවන කතා පුවතේ කුමක් සිදු වුනි දැයි සොයා
ගමන් කල විට හමු වුනා මට රාවනා මහා රජතුමා
යහන ගල මත එලුව පලසක දැහැන් ගතවී පසුවනා
රාවනා රජු සන් කළා මට අසුන් ගන්නට යයි කියා..............

පැමිණියේ නුබ මා බලන්නට කිම්ද හේතුව යයි අසා
විවර කරමින් දෙනෙත් ඇසුවා ඒ මහා නරපති තුමා
වාල්කිමිගේ රාමායනයේ කියන දේ ඇත්තද කියා
මා අසු විට හිනැහුනා ඔහු ඉහල අහසට නෙතු යොමා.............

කොල්ල කන්නට මගේ විජිතය පැමිණි රාමා නම් හොරා
පැවසුවා ලෝකෙට කියන්නට මගේ දුර්ගුණ ගොතගොතා 
බාර ගත්තලු කොන්ත්‍රාත්තුව වාල්කිමි නම් මනු සතා
ලිව්වලු බොරු ගොත ගොතා ඔහු රාමගේ ගුණ වය වයා............

බොරු ගොතා ලෝකෙටම පෙන්වූ වාල්කිමි කොයිබද කියා
මා ඇසුවා රජතුමාගෙන් ඔහුව හමු වන්නට සිතා
හමු වෙලා නුබ ඔහුව අහපන් සිදු වුනේ කීම දැයි කියා
අන්න ඉන්නවා චැනල් හතරේ ලොකුම පුටුවේ ඒ යකා .

No comments:

Post a Comment