Tuesday, November 22, 2011

ඉල්ලගෙන යාම

අපේ අසල්වැසියෝ , නෑදෑ හිතවතුන් , යාළුමිත්‍රයෝ සමහර වෙලාවට අපෙන් එක එක දේවල් ඉල්ලගෙන යනවා. සල්ලි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර දොරේ වැඩ කරන මොනවා හරි බඩුවක් වෙන්න පුළුවන් නොයෙකුත් ආයුධ වෙන්න පුළුවන්. කීයෙන් කී දෙනෙක් ඔය ඉල්ලගෙන යන දේ එයාලගේ වැඩේ ඉවර කරලා අපිට ආපහු ගෙනිච්ච තත්වෙන්ම ගෙනත් දෙනවද???

ගොඩක් වෙලාවට අපිට වෙන්නේ අපිට ආපහු ඒ උපකරණය ඕනේ උනාම ගිහින් එයාලගෙන් ඉල්ලන් එන්න සමහර වෙලාවට එයාල අපිට කියනවා අපේ වැඩේ කරගෙන ඉවර උනාම එයාලට ආපහු ගෙනත් දෙන්නත් කියලා. ඇත්තම අයිතිකාරයෝ අපි ඒත් අපිට සිද්ද වෙලා තාවකාලිකව ඉල්ලන් ගිය අයගේ ආඩම්බර බලන්න. උදැල්ලක් පොරවක් නැත්නම් නොයෙකුත් ගෘහ උපකරන ඉනිමගක් යකඩ ඉන්නක් මෙකී නොකී ඕනෑම දෙයක් අපේ ගාව තියෙන ඒවා වෙන අය ඇවිත් අරගෙන යන්න පුළුවන්. අපිට වඩා සමහර අයට ඒවා නිතර ඒවා ඕනේ වෙනවා ඒත් එයාලා එවා තමන්ටම මිලදී ගන්නේ නැහැ අනුන්ගෙන් යැපෙනවා.

තමට මිලදී ගැනීමට බැරිකම නිසා ඉල්ලගෙන යන අය ටිකක් හරි සැලකිල්ලක් දක්වලා ආපහු මතක් කරලා ඉල්ලගෙන ගිය දේ ගෙනත් දුන්නත් , තමන්ට මිලදී ගන්න හැකියාව තියෙන අය නම් ගොඩක් වෙලාවට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ ඉල්ලගෙන ගිය දේ ආපහු ගෙනත් බාර දෙන්න. මේ ඉල්ලගෙන යන දේවල් අනුන්ගේ නිසා ගොඩක් අය කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන්නේ. බැරි වෙලා හරි අපි ගාව තිබිලා දුන්නේ නැත්නම් එහෙම කියන්නේ අපෝ මහ කුණු ලෝබ මිනිස්සු ඒ පොඩි දෙයක් වත් ඉල්ලුවට දෙන්නේ නැහැ කියලා. ඒත් එයාලා හිතන්නේ නැහැ එයාලට ඒ පොඩි දේවත් ගන්න උවමනාවක් නැහැ කියලා.

මට නම් වැඩියෙන්ම අත්දැකීම් තියෙන්නේ පොත් ඉල්ලගෙන ගිහිල්ල. දැක්කම ආසවට ඉල්ලගෙන යනවා කියවන්නෙත් නැහැ ගෙනත් දෙන්නෙත් නැහැ ආයි ඉල්ලුවම කියනවා අනේ තාම බැලුවේ නැහැ ඉක්මනට කියවලා දෙන්නම් කියලා. ඉල්ලගෙන ගිය කෙනාගේ ගෙදරට ගියොත් පේන්න තියෙනවා ඔය කොහේ හරි මුල්ලක දාලා තියෙනවා දූවිලි වැදි වැදී. වෙළඳ පොලේ තියෙන පොතක් නම් ආයි ගන්න හරි පුළුවන් සමහර ඒවා තියෙනවා ආයි ගන්න නැති ඒවා එහෙම කලාම තමා ඉවසන්න බැරි.

මන් නම් කියන්නේ තමන්ගේ දෙයක් උනත්, කටක් ඇරලා ආයි ඉල්ලන්න ලැජ්ජයි වගේ නම්,  කාටවත් දෙන්න එපා කියලා. මොකද අපේ අයට කවදාවත් ඉල්ලන් ගිය දෙයක් ආපහු මතක් කරලා ගෙනල්ල දෙන්න තරම් උවමනාවක් නැහැ. ගොඩ දෙනෙක් සද්ද නැතුව ඉඳලා අමතක කරලා දාන්න හදන්නේ.

7 comments:

  1. හි හි සහතික ඇත්ත කතාව නම්

    ReplyDelete
  2. මේ කියල තියන දේවල් මේ විදියටම අපිටත් වෙලා තියනවා. අර ඉල්ලං යන උපකරණ ලැයිස්තුවත් ඒකමයි:-D
    ඉණිමග වැස්සට තෙමලා ගෙනත් දෙන්නේ. වීල්බැරෝ එක ගල් දාලා තලලා ගෙනත් දෙන්නේ. උදලු මිට කඩලා ලැබෙන්නෙ :-D
    පොත්නම් ආයෙ ලැබෙන්නැහැ :-D

    ReplyDelete
  3. ඕක නිතරම වෙන දෙයක් මරේ. අපේ ගෙදර බඩු කොච්චර නැති වෙලා තියනවද. පොත් නම් මගෙ ළග නැති හින්දා කවුරුත් ඉල්ලන්නෙ නෑ. දැන් නම් කාටවත් කිසිම දෙයක් දෙන්නෙ නෑ. බැන්නත් ඇහුනෙ නෑ වගේ ඉන්නවා,

    ReplyDelete
  4. adahasata ekagai. meka maranaye blog eka welada?

    ReplyDelete
  5. මටත් ඔය පොත් වැඩේ නං නිතරම වෙනව . . . ගොඩක් පොත් ආපහු වෙලඳපලෙං ගන්න පුලුවං . . . ඒත් මම පොතක් ගත්ත ගමං ඒකට දාන අත්සනයි දිනෙයි මට ඒ පොත තරමටම වටිනව . . . ඒකට මොනවද වෙන්නෙ . . .??? මම මගෙ පොතක් කාට හරි දෙනව නං ඔය විස්තරේ කියලමයි දෙන්නෙ . . . ඒත් පොලු . . .අන්තිමටම මම කවුරු මගෙත් එක්ක තරහ උනත් පොත් දෙන එක ඇවැත්තුවා . . .

    ReplyDelete
  6. ගෑනියි ... පොතුයි .. පිට ගියොත් ගියාමයි !!!!
    චාටර් කාල කාල , දැන් මං පොත් දෙනකොට දෙන්නේ කියවල තියා ගනින් ම කියල :D
    (එහෙම නොකිය ලැබෙයි කියල බලාගෙන දුන්නත් ආපහු ලැබෙන්නේ නැහැ නේ )

    ReplyDelete
  7. මට නං අනෙක්වා ගෙනිහින් නොගෙනාවත් කමක් නෑ. පොත් ටිකවත් ගෙනත් දෙනවා නම්.මං දැ කථා නොකරන කෙනෙක් ලඟ මගේ පොත් ගොඩක් තියෙනවා. ඒවා දැං ඉල්ලන්නත් බෑ. ඒකලේ ඉල්ලුවත් කිව්වේ අද නෑ හෙට. අපරාදේ .ඒවායින් සමහර පොත් ආයෙත් ගන්නත් බෑ.ඒවා ඔහේ මුල්ලක ඇති.'පොතක වටිනාකම දන්නේ ඒවා කියවන අය නෙවෙයි ඒවාට ගොඩාක් ආදරය කරන අය'

    ReplyDelete