Monday, August 13, 2012

ජන මාධ්ය සහ දරුවා


"අම්මී ඇයි නිතරම පැළ ගෙනත්  පැල කරන්නේ ? අපිට ඕවායේ ගෙඩි කන්න ලැබෙන්නේ නෑනේ." ඔන්න ඉතිං ගිය සතියේ දවසක මගේ දූ එහෙම කිව්වා. ඊට පස්සේ මං එයාට තේරුම් කරලා දුන්නා ඇයි මං පැළ ගෙනත් මිදුලේ පැල කරන්නේ කියලා.හැබැයි ඉතිං දූ පුංචි නිසා කියපුවා තේරුණාද දන්නේ නම් නෑ.ඔයවගේම ප්රශ්ණයක් මෑතක මගේ යාඵුවෙක්ගේ බිරිඳත් ඇහුවා. "අපරාදෙනේ ඔය ඉඩමේ ගස් හිටවන්නේ තව අවුරුද්දකින් දෙකකින් ඔය ගෙදරින් ඔය ගොල්ලෝ යනවා නේ." එහෙම කිව්වා. "කවුදෝ හිටවපු කෙසෙල් පඳුරු වලන් අපිත් කෙසෙල් කනවානේ. ඉතිං ඒකටත් එක්ක මාත් මාව මතක් වෙන්න කාට හරි කන්න පළතුරු ගස් ටිකක් හිටවන එක හොඳයිනේ ." එහෙම කියලා මං හිනා වුණා.ඊට පස්සේ මං දැක්කා කෙනාත් ටික වෙලාවක් ගැන හිතුවද කොහෙද...ටිකක් කල්පනා කරනවා වගේ මට තේරුණා.

පහු වෙනිදා මං මේ ගැන ටිකක් ගැඹුරට කල්පනා කළා.අපේ ගෙදර කිසි කෙනෙක් ගහක් වවනවා තියා ඒවාට තරම්ම කැමැත්තක් තිබුණු අය නෙවෙයි.එයාලට ඕන වුනේ සිමෙන්ති දාපු පොළොවක්.ඉතිං ඒ ගෙදර හැදුණු මම විතරක් වෙනස් වුණේ කොහොමද? මං දිගින් දිගටම කල්පනා කළා.


"මොනවද මුත්තේ මොකදකරන්නේ …….?
මොකටද ඔබ ඔය බිම හාරන්නේ …….?

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි ..
අඹ ඇටයක් සිටුවන්නට හාරමි ……."

මේ ගීතය ගොඩක් අයට මතක ඇති නේ ... මීට අවුරුදු පහලොවකට විස්සකට කලින් මට හරියටම කාලය නම් මතක නෑ.ජාතික රූපවාහිණියෙන් මේ ගීතය හැම දවසකම හවසට විකාශය කෙරුවා,මම ඒ කාලේ රූපවාහිණිය ලඟින් හෙල්ලෙන්නේ නැති කෙනෙක්. ඇයි තව අපූරු ළමා ගීතයක් විකාශය වුණා මට ඒකෙ වචන තාම මතකයි ඒක හරිම ලස්සනයි.

" මුහුද ලස්සනයි......මුහුද හරි ලොකුයි......
 හො හෝ.... හො හෝ.... හො හෝ.... හො හො හො
 නතර වෙන්නෙ නෑ...........
 රැල්ල නැගෙනවා ..........
 වැල්ලේ හැපෙනවා........
 සමන් ප්ච්ච වගේ ළමෝ........ සින්දු කියනවා...."

හ්ම්ම්ම් මොනතරම් ලස්සන ගීතද ? ඒ ගීත වලින් ළමා මනසට දුන්නේ මොනතරම් රසවත් හරවත් දෙවල්ද .... අද මම මේ එක පැළයක් හෝ අන් සතු ඉඩමක හිටවලා සතුටු වෙන්නෙ, ඒවායේ පඵ ප්‍රයෝජන කවදාවත් නොදකින කාට හෝ දී යන්නට තරම් සිත හැදිලා තියෙන්නේත්, ඒ ගීතයෙන්, ජන මාධයයෙන් දරුවන් වුණු අපට දුන් දේවල් නිසා නේද කියලා හිතුණා. මේ දේවල් අපගේම චරිතාංග ඔප් නැංවීමට මොන්තරම් පිටුවහලක් වෙලා තියෙනවාද කියලා හිතුණා.  ගහ කොළ වලට ස්වභාධර්මයට ආදරය කරන්න, ඒවා විඳින්න ,ඒවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න, ඒ විතරක්ද තමන්ට කිසිඳු දෙයක් නොලැබුනත් අනුන්ට අනාගත පරපුරට යුතුකම් ඉෂ්ට කිරීම පවා මේ සරල අපූරු ළමා ගීත තුළින් දරුවන් පුබුදුවා තිබෙනවා නේද ?


මම අවුරුදු හතරක් ඉඩමක් තියෙන ගෙදරක හිටියා. ඊට කළින් නම් අපි හිටියේ ගොඩක් පුංචි ගේක.ඒවායේ ඉඩමක් නම් තිබුණෙ නෑ.මම එදා ගහ කොළ දැක්කේ අපේ ගෙදර එහා පැත්තේ තිබුණු පන්සල් වත්තේ තාප්පෙන් එහා තිබුණු දෙල් ගහෙන්.ඒවාට ආපු කුරුල්ලෝ උන්ගේ සද්දේ ...ඔන්න ඉතිං මම මුලින්ම ස්වභාධර්මය රස වින්දේ එහෙමයි. ඔන්න ඊට පස්සෙයි ඉඩමක් තියෙන ගෙදරකට ආවේ. මම එහෙදීත් කලේ වවපු එකමයි. හැබැයි ඉතිං කවදාවත් දොඩම් ගෙඩියක්වත් මට කන්න ලැබුනේ නෑ.එහෙත් මල්ලිලා ඇවිත් කියනවා " අක්කා, අක්කා අර පැල කරපු ගස් වල ගෙඩි ගොඩක් පිරිලා තුබුණා අපි නම් කෑවා." කියලා මට ඇති වුණේ පුදුම සතුටක් මං ඒවා නොකෑවත් අනෙක් අය ඒවා කාලා සතුටු වෙනවා දකින මට නම් ඊට වඩා සතුටක් දැනුණා.

ජන මාධයකට අපේ ළමා පරපුර ඇති කරන්නත් නැති කරන්නත් හරි අගේට පුලුවන් ඒකට ලොකුම හේතුව තමයි ඕනෑම කෙනෙක් දෘෂ්ය මාධයට ඉක්මනින් ඇබ්බැහි වීම.ඒකෙන් වැඩියෙන් හානි වෙන්නේ ළමා පරපුරට.ළමයා ඕනෑම දෙයක් ඉක්මනින් ග්‍රහණය කර ගන්නවා.අද මාධයය තුළින් වැඩිපුරම යන්නේ දරුවාට හොඳ චරිතාංග එකතු කිරීමක් නොවෙයි.තියෙන ඒවාත් නැති කිරීමක් නේද? දැං අර දරුවොත් දාගෙන යම් යම් මාධය වලින් කරනවා අර ස්ටාර් මේ ස්ටාර්.අන්තිමට මේ දරුවෝ විනාසයි.කවුද මෙ දරුවන්ව මේ තැන වලට ගෙනත් දාන්නේ තමන්ගේම මාපියන් නේද? කාලයක් මං දැක්කා තුංමං හංදියක තඩි පෝස්ටර් එකක් එක එක විදිහට දරුවාගේ රංගන්යන් සහිත එක පෝස්ටර් එකක් අංක එකට එස්.එම්.එස් කරන්න.' අවුරුදු හයක හතක දරුවෙක් මොනවාද මේ මිනිස්සු මේ දරුවන්ට කරන්නේ ? පුදුම දුකකුයි ඒ දරුවන්ගේ මා පියන්ගැන තරහක් ඇති උණා.

ඔන්න ඉතිං තව දවසක් මං එතකොට හිටියේ දැනට ලංකාවේ ප්‍රසිද්ධ රංගායතනයක් කිට්ටුව. ඉතිං අපේ පොඩ්ඩිත් නටන්න ආස නිසා මෙයාවත් යැව්වා එතනට පංති වලට.දවසක් අම්මලාගේ ගෙදර යන්න ඕනේ නිසා ඩාන්සින් කලිසම විතරක් එහෙමම තියලා උඩින් ගවුමක් අන්දං පොඩ්ඩිත් එක්ක  ගියා පොත් සාප්පුවකට.එක ගෑණු කෙනෙක් මං ලඟට ඇවිත් ඇහුවා මෙයා ඩාන්සින් කරනවාද කියලා මාත් කිව්වා ඔවි කියලා .ඉතිං මෙයා ඒකේ විස්තර ඇහුවාම මං කිව්වා.ඊට පස්සේ මේ මනුස්සයා මට කියනවා " අපේ දුව කැමති නෑ ඩාන්සිං කරන්න.අර ස්ටාර් එක යනවානේ .ඔය ----------- සර් ඒකෙ ඉන්නවානේ එයාගේ ක්ලාස් එකට දැම්මා නම් අපේ දුවට ටිකක් ප්ලෙස් එකකුත් ලැබෙයිනේ.ඊටත් වඩා ටී.වී එකේ එක පාරක් හිටියාම ඇති." මං හිනා වෙලා යන්නං කියලා ආවා. අර පොඩි එකී අම්මාගේ සායට මුවා වෙවී ලැජ්ජාවෙන් මං දිහා එබි කම් කර කර හිටියා.ඔන්න ඉතිං අපේ වත්මන් පරපුරේ දරුවාට ගිය කල. මගේ දූව මාස දෙකක් විතර එතනට යනකොට මං අයින් කර ගත්තා. පංතියේ නිවාඩු දෙන දවසේ තමන්ට උගන්වන ගුරුවරියට වැන්දාම වන්දින්න එපා කීවලු. ඒකෙන්ම තේරුණා පංතියේ තරම.නර්ථණය කියන්නේ ගුරුන්ට වැදලා පටන් ගන්න අගනා ශාස්තරක් ඒ දේටවත් ගරුත්වයක් නොදෙන පංතියක මගේ දරුවා නර්ථණය පවා හදාරනවාට මගේ කැමැත්තක් තිබුනෙ නෑ.

ජන මාධය තුළින් අපේ ළමා පරපුර නැති වෙනවා.ඒවා නොතකන සමහර අම්මලා තාත්තලා ඒවාට උඩගෙඩි දෙනවා.

2 comments:

  1. ඉස්සර තිබුණු සදාචාරය දැන් එන්න එන්නම එහෙම පිටින්ම වල පල්ලට යනවා. කොයි අතින් බැලුවත් එහෙමයි, සිරිත් විරිත්, දෙමාපිය ගුරු දෙගුරු සම්බන්ධතා....ඉතින් එහෙම සමාජෙක ළමයෙක්ගේ අනාගතේ සුරක්ෂිත භාවය හරිම අවිනිශ්චිතයි කියල මට හිතෙන්නේ. අද රට හැම තැනම තියන ස්ටාර් සිහින හින්ද ගොඩක් ළමයි වගේම දෙමව්පියෝ විහින් ගොනාට ඇඳගන්නවා.

    ReplyDelete
  2. මම මේ කතාව හැමෝගෙම කොමෙන්ට්ස් වල දන්නා හිතුවේ මම මේක මාරයාගේ එකේ දැම්ම මිනිහ ඇත්තට බය නිසා කොමෙන්ට්ස් එක මකල දල සද්ද වහල හිටිය. මේ කතාවේ ඇත්ත හොයා ගන්න ඕනි නම් ලිපිනය අංකය 70 වගේ තමයි මම හිතන්නේ වැව පාර, වැබොඩ නුවර පාරේ නුවර පැත්තේ ඉදන් කඩවත පැත්තට යනකොට කඩවතට කිට්ටුව ඉදිගහමුල හන්දියෙන් හැරිලා යන්න. මාරයාගේ පොස්ට් වලින් 99.9% කම බොරු. රන්ගි ගැන ඇත්ත කතාව රන්ගි කියන්නේ පුංචි අම්මගේ දුව මරය නිසා ප්රෙග්නනට් උන. කට්ටිය එකතු වෙලා වෙන කෙනෙක්ගේ කරේ එල්ලලා බේරුනා. ඇත්ත එලි වෙනකොට ඒ හැම දෙයක්ම ඉවර උන. අම්ම ඒ ගැන හෙව්වේ නැත්තේ අයි කියල කට්ටිය අහල තියෙනවනේ. අම්ම කියන්නේ අංක එකේ බඩුවක්, තරුණ වයසේදී පොඩි උන් දෙඑකුඉ මිනිහයි දල වයස වැඩි කෙනෙක් එක්ක පැනල ඇවිත් තමන්ගේ ඕන එපා කම් පිරිමහ ගන්න ගමේ ඕනෑම කොල්ලෙක් රවට්ටපු අංක එකේ අම්මණ්ඩි කෙනෙක්. ගමේම ඉන්න හොඳ සල්ලි කරයෙක්ගේ ස්පෙයා වීල් එක කියල ගමේ හැමෝම අදටත් හොඳටම දන්නවා. අම්ම රට ගියේ මේ මිනිහගේ ඕනි එපා කම් වලට. මරය කියන්නේ පිළිකාවක් නිසා පපුව ඔපෙරේසන් කරලා ඉන්න ගනියෙක්ගේත් පපුවේ අනිත් පැත්ත මිරිකලා අතල් ගන්න හදපු අංක එකේ වලත්තයෙක්. මල්ලි කියන්නේ සුදු කැප්ටන් කෙනෙක් ඒ වගේම නම්බ වන කසිප්පු මුදලාලි. තව විස්තර ඕනි නම් ලිපිනය තියෙනවනේ කට්ටිය එකතු වෙලා හොයා ගන්න. මරල කුණුහරප කොමෙන්ට් ගැන කිව්වට මේ කොමෙන්ට් එක ගැන කතා නැහැ නේද. මම කොමෙන්ට් කරනවා ඌ මකනවා.

    ReplyDelete