පහුගිය කාලේ දවසක මන් බ්ලොග් එකකට ගියා කොහේ හරි දැකපු ලින්ක් එකක් හරහා. ගිහින් බැලුවා ම්හු..... බ්ලොග් එක තියෙනවා උඩ හරියේ විවිධ දේවල් ටිකක් තිබුනා ඒත් කියපු ලිපිය නැහැ. ආයිත් දවසක ඒ බ්ලොග් එකටම ගියා එදාත් කලින් දවසේ වගේමයි බ්ලොග් එක තියෙනවා ලිපිය තියෙනවා කියලත් තියෙනවා ඒත් ලිපිය නැහැ දවස් දෙකක් වරදින්න බැරි නිසා තව ටිකක් බැලුවම තමා දැක්කේ පිටුවේ යටට වෙන්න ලිපිය පොඩියට තියෙනවා ඒත් ඒක වටේම වෙන වෙන දේවල් ලිපිය කොහේද කියලා හොයා ගන්නත් බැරි තරම්.
මන් නම් විශ්වාස කරන්නේ මිනිස්සු කියනෙන හරිම කම්මැලි ජාතියක් කියලා කොච්චරද කියනවානම් වෙබ් පිටුවක් ස්ක්‍රොල් කරලා පහල තියෙන දේ බලන්න තරම් කම්මැලි ජාතියක් කියලා. ඉස්සර නම් වෙබ් පිටුවල වැදගත් කොටස් සේරම වගේ ස්ක්‍රොල් නොකර බලන්න තිබුනට දැන් නිර්මාණ වල උඩම තියෙනෙන ලොකු බැනර් එකක් වගේ දෙයක් අන්තර්ගතය බලන්න පහලට ස්ක්‍රෝල් කරන්නම වෙනවා ඒක නිසා ඒක නම් එච්චරම අවුලක්ම නැහැ.
අපි යමක් කියවන වෙලාවට ඊට එහා පැත්තේන් අකුරු , පින්තූර වගේ දෙවල් චලනය වෙනවනම් අපිට අවධානයකින් අපි කියවන දේ කියවන්න පුළුවන්ද? මන් හිතන්නේ ගොඩක් සිංහල බ්ලොග් කියවන අය භාවිතා කරන්නේ සීමාවක් සහිත අන්තර්ජාල පැකේජ් ඉතින් බ්ලොග් එකක් බලන්න ඇවිත් මෙගා බයිට් 5ක් 10ක් නැති කරගන්න කැමති අය ගොඩක් ඉන්නවද? වෙලාව බලාගන්න, මාළුන්ට කෑම දාන්න, පූසව හුරතල් කරන්න, සිංදු අහන්න, වීඩියෝ බලන්න බ්ලොග් වලට එන අමුත්තෝ ඉන්නවද මන්දා. පෝලිමේ ඉඳලා වාසනා කේක් ගන්න යන මිනිස්සු හිටියට පැයක් විතර ලෝඩ් වෙනකන් බලන් ඉඳලා බ්ලොග් කියවන අයනම් ඉඳී කියලා මන් හිතන්නේ නැහැ.
මට හිතෙන හැටියට නම් බ්ලොග් එකට තියෙන්න ඕනේ. බ්ලොග් ලිපිය , කමෙන්ට් කිරීමේ පහසුකම සහ අනික් අය දැමූ කමෙන්ට් බැලීමේ හැකියාව, පරණ බ්ලොග් ලිපි බැලීමේ හැකියාව සහ ෆලෝ කිරීමේ සහ දැනට ෆලෝ කරන අය කවුද කියන එක, ඉතාම සරල නිර්මාණාත්මක පෙනුමක්. මීට වඩා තියෙන දේවල් අමතර දේවල හැටියට කියලයි මන් හිතන්නේ. සිංගල බ්ලොග් බොහොමයකට ගිහින් බ්ලොග් එකේ කොතන හරි ක්ලික් කරපු ගමන් පොප් අප් වින්ඩෝ එකක් ඕපන් වෙනවා ගොඩක් අය මේ වගේ එවා බ්රවුසරයෙනම බ්ලොක් කරලා තියෙන නිසා එහෙම එකක් වෙනවද දන්නෙත් නැහැ, මේක ගොඩක් ම වෙන්නේ ඔය අමතරව එක්කරන විජට්ටු නිසා ඉතින් ඔය තියන පලියට ඔහේ එකතු කරන විජට් නිසා බ්ලොග් එක බලන්න එන අමුත්තන්ට කරදරයක් තමා වෙන්නේ.
කාලෙකට කලින් මන් ගිය ඉංග්‍රීසි පංතියක ගුරුවරියක් කිව්වා හැමෝම KISS කියන එක කවදාවත් අමතක කරන්න එපා කියලා. මගේ හිතේ නම් හැම වෙලේම ඒක තියේවි හැමදාම. ගුරුතුමීනම් KISS කිව්වේ හාද්ද කියන එක නෙමෙයි මෙන්න මේකට Keep it simple, Stupid
ඒත් ඉතින් තමන්ගේ බ්ලොග් එක ගැන වෙන අයට මොකුත් කියන්න බැහැ ඒක තියෙන්නේ තමන්ට ඕනේ හැටියටනේ, ඒත් ඉතින් බ්ලොග් එකට අමුත්තෝ ආකර්ෂනය කරගනන් කරන සමහර දේවල් නිසා අමුත්තෝ විකර්ශනය වෙන්නත් බැරි නැහැ.
සහතික ඇත්ත. නියම කතාව මචං.
ReplyDeleteසිරාවටම බං . . ..සමහර බ්ලොග් වලට ගියාම මවුස් එක ඇදගෙන යන්නත් බෑ . . . . . අර අහවල් ඊතලේ පස්සෙ එකෙ එක අයිටම් පන්නං එනව . . . .
ReplyDeleteමාත් පාවිච්චි කරන්නෙ ලිමිටඩ් කනෙක්ශන් එකක්..සමහර බ්ලොග් වලට යන්න හිතෙන්නෙත් නෑ දාල තියෙන එක එක විජෙට්ස්/ෆ්ලෑශ් බැනර්ස් නිසා..මගෙත් අදහස බ්ලොග් එකක් සාර්තක වෙන්නෙ ඒක එක එක දේ වලින් පුරොන එකෙන් නෙමේ..ලියන දේ අනුවයි..
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ අර මරනෙ අයිය කියපු Keep it simple, Stupid කියල තමයි..
එළ..මටත් දෙන්නකො ඔය සාමාජිකත්වය..
ReplyDelete@ ඇලුත් කොල්ල - http://blogginglanka.blogspot.com/p/blog-page.html ෆෝම් එක පුරෝල ඇප්ලයි කරන්න!!!
ReplyDeleteඅනේ ඉතින් මන් නම් ඔය වැඩ කෑලි දාන්න ගිහින් තියෙන ටිකත් නැතිවෙයි කියල බයයි . නොදන්නා කමත් වෙලාවකට හොඳයි වගේ . සරල නම් හොඳයි .මන් කියවන ගොඩක් බ්ලොග් අවකාශ සරලයි .හැබැයි ලිපි නම් සුපිරි .
ReplyDeleteමමත් කෑලි ගොඩක් හලලා දාලා තියෙන්නේ දැන්.. ඔය විජට් ගොඩක් දාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට අලුතින් බ්ලොග් ලියන්න එන අය.. එහෙම නේ? :D
ReplyDeleteදේව්දාස් ගෙන් ලකුණු 10 ක්...
ReplyDeleteදේව්දාස්...
අන්න ඒ කතාවටනං මාත් එකඟයි.. :)
ReplyDeleteකතාව ඇත්ත ....මමත් එකගයි
ReplyDeleteකතාව නම් සම්පූර්ණ ඇත්ත!!! මාත් මෙහෙම බ්ලොග් දැකල තියෙනවා...
ReplyDeleteමටත් පෙන්නන්ඩ බැරි වැඩක් ඕක.
ReplyDelete