චිත්‍රපටිය - නීර්කුමිලි
තිරගත වූ වසර - 1965
ගායකයා - සීර්කාලී ගෝවින්දරාජන්
ගීත රචකයා - සුරදා
සංගීතය - වී. කුමාර්
විෂය - ජීවිතය
රැඟුමෙහි යෙදී නිහඬ වන ජීවිතය
රැඟුමෙහි යෙදී නිහඬ වන ජීවිතයට
අවසානයේදී උරුම වන්නේ අඩි හයක භූමියකි.
ඉපදුණු විට තොටිල්ලක් ලැබේ
දෑස් පියා ගත් විට,
පාදයන් නැති යහනක් ද ලැබේ
පාදයන් නැති යහනක් ද ලැබේ
රැඟුමෙහි යෙදී නිහඬ වන ජීවිතය
ඉපදීම හඳුනා ගැනීමයි
කතා කිරීම මව් භාෂාවයි
සියල්ල අමතක වන්නේ සැතපෙන විටයි
මරණය අවසානයයි .
රැඟුමෙහි යෙදී නිහඬ වන ජීවිතය
සිනාසෙන්නා දුක අමතක කර දමයි
වැරදි කරන්නා සදා කඳුඵු සලයි
ජීවතය නිත්යැයි සිතූ කෙනාගේ දෑස් ,
නැසී ගිය අයකු නිසා විවුර්ත වේ.
රැඟුමෙහි යෙදී නිහඬ වන ජීවිතය
නිර්මාණකරුවන් විටෙක තම නිර්මාණයන් භුක්ති
නොවිදී
යමක් ආරම්භ කරන්නන් විටෙක එයද පරිපූර්ණ නොකරයි
මේ ලොවේ ජීවත් වන්නන් එයට උචිත පරිදි ජීවත්
නොවේ
එසේම , මේ ලෝ තලයට ආ කිසිවකුත් සදා රැදී නොසිටී .
No comments:
Post a Comment