Friday, July 27, 2012

ජීවිතය, සටන් කළ යුතු වූ යුධ පිටියක් බව සෑම මලක්ම පවසාවි


ඉන්දියානු ද්‍රවිඩ ගායිකා චිත්‍රාවන්ගේ මියුරු කට හඬිනුත්, විශිෂ්ඨ පද රචනයෙන් හා සුමිහිරි සංගීතයෙන් නිර්මණය වු මේ ගීතය වේදනාවෙන් පිරුණු හදවත් සුවපත් කරාවි !

මාද බිඳ වැටුණු මොහොත් වල මේ ගීතය මට මගේ ආත්ම ශක්තිය වඩවා ගැනීමට ඖෂධක් වුනු වාර අනන්තයි.මේ ලෝකය තුළ බිඳ නොවැටෙන්නේ කවුරුන්ද ? එය අප ලෝක සත්වයන්ටම උරුම දෙයකි ඉතින් මා පමණක් අරුමයක් යයි නොසිතමි.මෙය මාගේ පළමු පරිවර්ථනයයි.

සංගීතය අපව සුවපත් කරාවි !

කැමතිනම් ගීතයත් රස වින්ඳින්න


ජීවිතය, සටන් කළ යුතු වූ යුධ පිටියක් බව සෑම මලක්ම පවසාවි


ජීවිතය, සටන් කළ යුතු වූ යුධ පිටියක් බව සෑම මලක්ම පවසාවි
රාත්රිය වේ නම් දහවලක්ද තිබේ යයි සෑම පිබිදීමක්ම පවසාවි

විශ්වාසය අප ජීවය තුළ තිබුණු කල
සත්යවශයෙන්ම ඉලක්කයද ජය ගනීවි
මනස ....... මනස නුඹ වෙනස් වෙයං
කන්දක් හෝ ඝන මීදුමක් වුව කම් නැත පොරබැඳපං

සිතක් කිසිඳු දිනෙක කැඩී බිඳී නොයා යුතුය
කුමක්ද මේ ජ්විතය කියා කිසිඳු දිනෙක නොසිතිය යුතුය
කිනම් මිනිසා තුළද කිසිඳු වේදනාවන් නැත්තේ යයි සිතා බලන්න
කාලයාගේ ඇවෑමෙන් වේදනාවන් මායාවක් සේ නැති වී යාවි
පොළොව මත මූර්තියක් වන්නේද කැපුම් කට්ටකින් නෙළන ලද ගලක්මය
දැඩි වේදනා විඳින්නා වූ හදවත් දිනෙක ස්ථීර සුවයක් විඳීවි
යි මේ දෑසින් කඳුඵු ගලන්නේ,ජීවිත සටන කාටද නැත්තේ ?
එක් හීනයක්ම ගැන නිතරම සිතුවොත් දිනෙක එය සැබෑ වේවි

මනස ....... මනස නුඹ වෙනස් වෙයං
කන්දක් හෝ ඝන මීදුමක් වුව කම් නැත පොරබැඳපං

ජීවිතය, සටන් කළ යුතු වූ යුධ පිටියක් බව සෑම මලක්ම පවසාවි
රාත්රිය වේ නම් දහවලක්ද තිබේ යයි සෑම පිබිදීමක්ම පවසවි


ජීවිතය වන්නා වූ කවිය කියවමු
අහස තරම්ම උසට සිතමු
උත්සාහය පමණක් ප්රාණය ලෙස ගෙන.  එයම ආශ්වාස කරමු
ලක්ෂ ගණන් හීනයන් දෑසේත්, තම ඉලක්කය හදවතෙත් තබා ගත් විට
නුඹ දිනීමට කිසිවකුත් නැත
එබැවින් , අධිෂ්ඨානයෙන් සටන් කරපං

මිනිසා හදවත ඉරා අවසානය කරා යවන්නා වූ ගසක් සේ
අවමානය පරාජය වී සියල්ලන්ම නුඹේ නෑයින් වේ
පරාජය අතීතයකි ඊට කුමට දුක් වනවාද මා මිතුර.......
එක් තීරණයක නිශ්චිතව සිටින්නේ නම් අර අහස පවා තමන්ගේ වේවි

මනස ....... මනස නුඹ වෙනස් වෙයං
කන්දක් හෝ ඝන මීදුමක් වුව කම් නැත පොරබැඳපං

ජීවිතය, සටන් කළ යුතු වූ යුධ පිටියක් බව සෑම මලක්ම පවසාවි
රාත්රිය වේ නම් දහවලක්ද තිබේ යයි සෑම පිබිදීමක්ම පවසවි

No comments:

Post a Comment