Saturday, August 20, 2011

උඹලාට විතරද ලකුණු ගන්න පුලුවන් අපි ගත්තම නරකද



අම්මියෝ කාලෙකින් මේ පැත්තේ ආවෙ
මම හිතන්නේ සතියකින් විතර
මොනා කරන්නද අෆ්ෆා ගෙදර ජාලෙ නැති උනාම ඔපිස් ඒකේ පිහිට විතරනේ

මෙහෙත් වැඩ වැඩ වැඩ ඉවරයක් නැ
සූට්ටක් ඉන්නකො එහෙනම් මම මේ මකුලු දැල් ටික කඩල දාල අස් පස් කොරලා දානකල්


ඔන්න එහෙනම් වැඩ ඉවරයි
මම අද සූටි කතාවක් කියලා යන්නම්කෝ මම තව ටිකකින් යන්නත් ඕනි නිසා

මේක අපි උ.පෙ කාලේ කරපු සූටි හොර වැඩක්

අපිනෙ ඉතින් ඉස්කෝලේ ඉන්න ලොකු අක්කලා
අපිට කවුද බය අපි කාටද බය කියලානෙ ඉන්නෙ ඉතින්
ඔන්න ඔහොම ඉන්නකොට අපේ අබාගෙත් ආවා
ඒ කියන්නේ හැමෝම දන්න බාසාවෙන් කිව්වොත් විබාගේ

අපේ සෙට් එක තමා අපේ ඉස්කෝලේ හිටිය පිස්සුම සෙට් එක
ටීචර්ස්ලා ආදරේට අපිට කියන්නේ 5කල්ලිය කියල්ලා
ළම්යි පණයනකල් පන්තියට වෙලා පාඩම් කරනකොට අපි ඉතින් කරන්නේ ඉස්කෝලේ වටේ ඇවිදින එක

ඔන්න ඉතින් අපි 5 දෙනා එදත් සුපුරුදු පරිදි ඇවිදගෙන යනකොට පුස්තකාලෙ පැත්තෙත් ගියා
එතනින් යනකොට අපෙ ඩියා කැගහනවා එ මචෝ අපිට BS පේපර් එකට 100 කියලා
අපි ඒත් බැලුවා ඒ මොකක්ද යකෝ ඒකේ තේරුම කියලා

එක්සැම් එකට තව සතියකුත් තියෙනවා ඕන අට මගලයක් කියලා ඒකා ලගට ගිහින් බැලුවා මොකක්ද සීන් එක කියලා

පස්සෙනෙ අඩේ දැක්කේ අපේ පුස්තකාලෙ මිස් අපේ BS පේපර් එක කොම්පිතරේ ටයිප් කොරනවා
අපිට නිකන් දෙය්යො බුදුන් දැක්කා වගේ සින් සින් ගාලා එක්කෙනෙක් ගිහින් කොලේකුයි පැනකුයි ගෙනාවා කස්ටියම ඉතින් ලියනවා පේපර් ඒකේ තියෙන ප්‍රශ්න ටික

ඔන්න ඉතින් පේපර් එක තියෙන දවසත් ආවා
අපි ලියනවා හුරේ කියලා
ළමයි අපි දිහා බලන් ඉන්නවා
මුන් පාඩමුත් නොකර කොහොම ලියනවාද කියලා මොකද අපි ඉස්කෝලෙදි මලාට BS පීරියඩ් එකේ පන්තියෙ ඉන්නෙ නැ හිටියත් දොයි

විභාගෙත් ඉවර උනා, ලකුණු දෙන දවසත් ආවා, සර් දෙන් පන්තියට ඇවිත් ලකුණු පිලිවැලට පේපර්ස් ටික බෙදනවා වැඩිම ලකුණු 99% ඒන්ජල්
හිකිස් ඔව් ඔව් හලේ ඒ මම තමයි ඒ, ඊලගටත් 99% යි ඩිලා, ඊලගට 98% දිලා, ඊලගට 97% ලක්මි,
ඊලගට 97% දරේ, ස්‍ර් මූන නිකන් දැන් ලොරියට අහු උන කජු ලෙල්ල වගේ
පන්ති 3න්ම වැඩියෙන්ම බැනුම් අහන්නෙත් අපි, වැඩියෙන්ම ලකුණුත් අපිට

පේපර්ස් ටික බෙදලා ඉවර වෙලා සර් අපිට කතා කලා මෙහෙ එනවා ඔය 5 කල්ලිය
කොහොමද මෙච්චර ලකුණු ගත්තෙ කියනවා බලන්න
මේ මංතුමිය පැනපු ගමන් කියාපිය ඇයි ස්‍ර් අපි ලකුණු ගත්තොත් ඒවා ලකුණු නෙමෙයිද කියලා
සර්ට කට උත්තරත් නැ
හා හා යනවා එහෙනම් යන්න 5දෙනාම

හිකිස් මලු වැඩේ තමා සර්ට් උනේ
පන්තියට ගියාම ළමයි අපිව වට කරගෙන 4වෙනි තට්ටුවට ගියා වගේ ප්‍රශ්න කොරනවා
ඒ කොහොමද බන් මෙච්චර ලකුණු ගත්තේ කිය කිය අහනවා මළ වදේ ඉවරයක් නැ අපේ ඩියාට තද උන පාර කියාපිය ඇයි යකො උඹලාට විතරද ලකුණු ගන්න පුලුවන් අපි ගත්තම නරකද කියලා කස්ටියන නිහඩයි අපිට මැරෙන්න හිනා

මේක ඉතින් සූටි කතාවක් කිව්වාට සූටිම නැ
අපි ඉතින් වැඩිය නෝටි ළමයි නෙමෙයිනේ ඒකයි මේ වගේ සුටි සූටි නෝටි වැඩ කරන්නේ

Monday, August 1, 2011

බ්ලොග්

පහුගිය කාලේ දවසක මන් බ්ලොග් එකකට ගියා කොහේ හරි දැකපු ලින්ක් එකක් හරහා. ගිහින් බැලුවා ම්හු..... බ්ලොග් එක තියෙනවා උඩ හරියේ විවිධ දේවල් ටිකක් තිබුනා ඒත් කියපු ලිපිය නැහැ. ආයිත් දවසක ඒ බ්ලොග් එකටම ගියා එදාත් කලින් දවසේ වගේමයි බ්ලොග් එක තියෙනවා ලිපිය තියෙනවා කියලත් තියෙනවා ඒත් ලිපිය නැහැ දවස් දෙකක් වරදින්න බැරි නිසා තව ටිකක් බැලුවම තමා දැක්කේ පිටුවේ යටට වෙන්න ලිපිය පොඩියට තියෙනවා ඒත් ඒක වටේම වෙන වෙන දේවල් ලිපිය කොහේද කියලා හොයා ගන්නත් බැරි තරම්.

මන් නම් විශ්වාස කරන්නේ මිනිස්සු කියනෙන හරිම කම්මැලි ජාතියක් කියලා කොච්චරද කියනවානම් වෙබ් පිටුවක් ස්ක්‍රොල් කරලා පහල තියෙන දේ බලන්න තරම් කම්මැලි ජාතියක් කියලා. ඉස්සර නම් වෙබ් පිටුවල වැදගත් කොටස් සේරම වගේ ස්ක්‍රොල් නොකර බලන්න තිබුනට දැන් නිර්මාණ වල උඩම තියෙනෙන ලොකු බැනර් එකක් වගේ දෙයක් අන්තර්ගතය බලන්න පහලට ස්ක්‍රෝල් කරන්නම වෙනවා ඒක නිසා ඒක නම් එච්චරම අවුලක්ම නැහැ.

අපි යමක් කියවන වෙලාවට ඊට එහා පැත්තේන් අකුරු , පින්තූර වගේ දෙවල් චලනය වෙනවනම් අපිට අවධානයකින් අපි කියවන දේ කියවන්න පුළුවන්ද? මන් හිතන්නේ ගොඩක් සිංහල බ්ලොග් කියවන අය භාවිතා කරන්නේ සීමාවක් සහිත අන්තර්ජාල පැකේජ් ඉතින් බ්ලොග් එකක් බලන්න ඇවිත් මෙගා බයිට් 5ක් 10ක් නැති කරගන්න කැමති අය ගොඩක් ඉන්නවද? වෙලාව බලාගන්න, මාළුන්ට කෑම දාන්න, පූසව හුරතල් කරන්න, සිංදු අහන්න, වීඩියෝ බලන්න බ්ලොග් වලට එන අමුත්තෝ ඉන්නවද මන්දා. පෝලිමේ ඉඳලා වාසනා කේක් ගන්න යන මිනිස්සු හිටියට පැයක් විතර ලෝඩ් වෙනකන් බලන් ඉඳලා බ්ලොග් කියවන අයනම් ඉඳී කියලා මන් හිතන්නේ නැහැ.

මට හිතෙන හැටියට නම් බ්ලොග් එකට තියෙන්න ඕනේ. බ්ලොග් ලිපිය , කමෙන්ට් කිරීමේ පහසුකම සහ අනික් අය දැමූ කමෙන්ට් බැලීමේ හැකියාව, පරණ බ්ලොග් ලිපි බැලීමේ හැකියාව සහ ෆලෝ කිරීමේ සහ දැනට ෆලෝ කරන අය කවුද කියන එක, ඉතාම සරල නිර්මාණාත්මක පෙනුමක්. මීට වඩා තියෙන දේවල් අමතර දේවල හැටියට කියලයි මන් හිතන්නේ. සිංගල බ්ලොග් බොහොමයකට ගිහින් බ්ලොග් එකේ කොතන හරි ක්ලික් කරපු ගමන් පොප් අප් වින්ඩෝ එකක් ඕපන් වෙනවා ගොඩක් අය මේ වගේ එවා බ්‍රවුසරයෙනම බ්ලොක් කරලා තියෙන නිසා එහෙම එකක් වෙනවද දන්නෙත් නැහැ, මේක ගොඩක් ම වෙන්නේ ඔය අමතරව එක්කරන විජට්ටු නිසා ඉතින් ඔය තියන පලියට ඔහේ එකතු කරන විජට් නිසා බ්ලොග් එක බලන්න එන අමුත්තන්ට කරදරයක් තමා වෙන්නේ.

කාලෙකට කලින් මන් ගිය ඉංග්‍රීසි පංතියක ගුරුවරියක් කිව්වා හැමෝම KISS කියන එක කවදාවත් අමතක කරන්න එපා කියලා. මගේ හිතේ නම් හැම වෙලේම ඒක තියේවි හැමදාම. ගුරුතුමීනම් KISS කිව්වේ හාද්ද කියන එක නෙමෙයි මෙන්න මේකට Keep it simple, Stupid

ඒත් ඉතින් තමන්ගේ බ්ලොග් එක ගැන වෙන අයට මොකුත් කියන්න බැහැ ඒක තියෙන්නේ තමන්ට ඕනේ හැටියටනේ, ඒත් ඉතින් බ්ලොග් එකට අමුත්තෝ ආක‍ර්ෂනය කරගනන් කරන සමහර දේවල් නිසා අමුත්තෝ විකර්ශනය වෙන්නත් බැරි නැහැ.



Sunday, July 24, 2011

ඒ කාලේ....

අපේ වැඩිහිටියොත් එක්ක කතා බහ කරන වෙලාවට එයාලගේ කටින් ගොඩක් වෙලාවට පිටවෙන දෙයක් තමා, "අපේ කාලේ නම් දැන් වගේ නැහැ ඒකාලේ මේ විදිහට තමා උනේ..." කියලා ගොඩක් වෙලාවට ඒ අය දැනට වසර තිහක් හතලිහක් එහා කාලයක තිබූ සමාජය ගැන අදට වඩා හොඳ කියනවා. ඇත්තෙන්ම ඒ කියන කාලේ අදට වඩා හොඳ නිසාද නැත්නම් ඒ අය තමගේ අතීතය තාමත් විඳින නිසා කටින් පිට වෙන දෙයක්ද කියලා මට හිතා ගන්න බැහැ.

මන් දැන් බ්ලොග් ලියන්න පටන් අරන් ටික කලක් ගතවෙනවා ඒ කාලේ බ්ලොග් වලින් දැන ඇඳිනගත්ත සමහරු දැන් හැබෑ ජීවිතේත් හොඳ මිතුරන්. අපි එකතු වෙච්ච සමහර වෙලාවටත් බ්ලොග් ගැන කතා වෙද්දි වෙලාවකට අපේම කටින් පිටවෙනවා ඒ කාලේ නම් මෙහෙමයි ඒත් දැන් එහෙම නැහැ වගේ අදහස්. ඇත්තටම එහෙම වෙලා කියලා මට හිතෙන්නේ නැහැ ඒත් මගේ කටිනුත් එහෙම පිට වෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි.

ඇත්තටම බැලුවොත් අද මන් ඉන්න තත්වය මීට වසර කීපයකට වඩා හිටිය තත්වයට වඩා ඉහලයි. ඒත් මන් තාමත් සමහර වෙලාවට අදට වඩා ඒ කාලේ ගැන මතක් කර කර සතුටු වෙනවා. වැඩිපුර අතේ සල්ලියක් නැතුව ඉස්කොලේ ගිය කාලේ. සතපනහක් රුපියලක් අමාරුවෙන් හොයාගෙන අයිස් පැකට් කාපු කාලේ, ඕනේ නම් අයිස්ක්‍රීම් ලීටරයක් උනත් අරගෙන කන්න පුළුවන් කාලෙට වඩා සුන්දරයි කියලා මට හිතෙන්නේ. ඒ කාලේ ක්ලාස් කට් කරලා ගිහින් ෆිල්ම් බැලුවා, බොන්න සෙට් උනා ඒත් ඒවා දැන් හොරෙන් නැතුව කරන්න පුළුවන් උනත් ඒ කාලේ තරම් ඒ ගැන උනන්දුවක් නැහැ.

අපේ වැඩිහිටියන් හොඳයි කියන එක්දාස් නමසිය හැටේ දශකයේ, හැත්තෑව දශකයේ ලියවෙච්ච නවකතා පොත් වල එහෙම බැලුවම නම් මට ඒ කාලේ අදට වඩා විශේෂ හොඳක් හෝ නරක තිබබා කියලා හිතෙන්නේ නැහැ. ඒ කාලෙත් අද වගේම තමා කියලයි මට හිතෙන්නේ. අපේ ඥාතිවරියක්ගේ මංගල ඡායාරූප එකතුවක තිබූ සමහර ඡායාරූප වල සමහර ගැහැනු ලමයි ඇඳන් හිටපු ගවුම් අද ලමයි අඳින ඒවාටත් වඩා කොට ඒවා. ඒ ඇරෙන්න නවකතා පොත්වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ දැන් කාලේ වගේම ගෙවල් වලට හොරෙන් එහෙ මෙහේ යන සිදුවීම් නැත්තෙමත් නැහැ. බාර් ගානේ ගිහින් මත් පැන් පානය කරන ඒවා අද වගේමයි. කියන්න තරම් ලොකු වෙනසක් නැහැ ඒ දේවල් වල.

අපි බ්ලොග් පටන් ගත්ත කාලේ සහ අද බ්ලොග් ගැන එහෙම කියන්න තරම් වෙනසක් හැබෑවටම තියෙනවද මන්දා. ඒ කාලේට වඩා තියෙන බ්ලොග් සංඛ්‍යාවනම් වැඩී. ඒ ඇරුනම් ඒ කාලේ වගේම දැනුත් කියවන්න ආස හිතෙන බ්ලොග් සහ වැඩිපුර කියවන්න ආස හිතෙන්නේ නැති බ්ලොග් කියන දෙවර්ගයම තියෙනවා ඒක නිසා ඒ කාලේ හොඳයි කියන කතාව මගේ කටින් පිට උනත් ඒක එහෙමයි කියන්න තරම් හේතු මටවත් දෙන්න බැහැ.

ඇත්තටම ඒ කාලේට වඩා අද වෙනස්ද නැත්නම් මේ අපිට පේන හැටිද? නැත්නම් අපි හැමෝම අතීතය විඳින්න කැමති නිසා කියවෙන කතාවක්ද මේක????

Thursday, July 21, 2011

හැදින්වීම


ඔන්න යාලුවනේ මම පොඩි වැඩකට අත ගැහුවා..මේක නිකන් චාටර් වෙලා යන්න දෙන්නෙ නැතුව හරියට කරගන්න තමයි අදහස නම් තියෙන්නෙ :) ඉතින් මේක මට තනියම කරන්න බෑ.ඔයාලගෙ සහයෝගය ඕනමයි..
මේ බ්ලොග් අඩවිය ගැන් අපොඩි හැදින්මීමක් කලොත් මේක සමූහ බ්ලොග් අඩවියක් මෙතනින් ගිහින් ෆෝම් එක පුරවලා ඕනම කෙනෙක්ට මේකෙ සාමාජිකත්වය ලබා ගන්නත් ඕනෑම මාතෘකාවක් ගැන ලිපි පල කරන්නත් පුලුවන්..
අපි අතර ඉන්නව දැනටමත් බ්ලොග්කරනයේ නියුතු වෙලා ඉන්න අය..ඒ වගේම ආධුනික අය..මම මේ සියලු දෙනාට ආරාධනා කරනව එන්න පිත් සමග අත්වැල් බැදගන්න කියල..
තවත් එකක්..මේ බ්ලොග් අඩවිය විවේචන හා මඩ ගැසීම් වලටත් විවෘතයි.. ;) ;) ;)
මම දැනට මෙතනින් නවතින්නම් කැමති අය ෆලෝ කරල සහයෝගයක් දක්වන්න :D
ජයවේවා!!!