Thursday, April 11, 2013

සිහිනයන් දකිනා ජීවිත






චිත්‍රපටිය  - නීන්ගල් කේට්ටවෙයි
තිරගත වූ වසර - 1984
චිත්රපට අධ්යක්ෂණය - බාලු මහේන්ද්‍රා
ගායනය - කේ. ජේ.  යේසුදාස්
ගීත රචකයා - වෛරමුත්තු
සංගීතය - ඉලෙයරාජා
විෂය -  ජීවිතය


සිය හබල පවා බරක් සේ සිතා වෙරළ සොයනා ඔරු මෙන්
සිහිනයන් දකිනා ජීවිත කෝලම් රටා සේ සැනෙකින් නැතිවී යාවි

උපදින විටම මරණයට දිනක් නියම බව ඇත්තක් සේ
සබඳතාවයන්   මුසාවන් වේ
ඉදින් කූමටද මේ ආශාවන් ?
කුමටද මේ අහංකාරය ?
සත්තකින්ම, කය යනු 
සිහිනයන් ලබාගන්නා තවත් එක් මල්ලකි

සිය හබල පවා බරක් සේ සිතා වෙරළ සොයනා ඔරු මෙන්
සිහිනයන් දකිනා ජීවිත කෝලම් රටා සේ සැනෙකින් නැතිවී යාවි

කාලයත් සමඟ පෙනුමද වෙනස්වේවී
ඉදින් තාරුණ්යය වනාහි පුහු වේශයකි

අඩක් නිදනා විට අඩක් කනස්සල්ලෙන් සිටී
මොවුන් කිසිඳු දෙයක පමණ නොදන්නෝ වෙති

ඉදින් මෝඩ මිනිසුනේ අදම නුඹලාගේ වගකීම් ඉටු කර
සතුටක් ලබා ගන්න

සිය හබල පවා බරක් සේ සිතා වෙරළ සොයනා ඔරු මෙන්
සිහිනයන් දකිනා ජීවිත කෝලම් රටා සේ සැනෙකින් නැතිවී යාවි

Tuesday, March 26, 2013

විශේෂ නිවේදනයයි!


බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ සමූහ බ්ලොග් අඩවිය සදහා කතෘවරුන් බදවාගැනීම දැන් ආරම්භ කර ඇත..ඔබත් ඔබගේ ලිපි,අදහස්,උදහස්,අනන්,මනන්,විකාර,මඩ ගැසීම් සදහා එකතු වීමට කැමතිනම් ඉක්මනින් පහත දුරකතන අන්කයට ඔබගේ සම්පූර්න නම සහ ඊමේල් ඇඩ්‍රස් එක සෙන්ඩ් කරන්න..සුදුසුකම්,අත්දැකීම් අනවශ්යයි..
ඉඩකඩ සීමිතයි   :D  0715150178

Friday, October 26, 2012

රෙපා සහ දේ.පා - කාලින දේශපාලන සංවාදය (නැවත විකාශයකි)

රෙපා: සුභ සන්ද්‍යාවක් ප්‍රිය දේශපාලන රසික රසිකාවියනි. අද අපි මේ සුදානම් වෙන්නේ රෙපා සහ දෙ.පා සමා වෙන්න දෙපා නෙවෙයි දේ. පා වෙන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලක තුමා කියන එක කෙටි කරලා තමයි දේ.පා කිව්වේ. කටේ හුරුවට කියවෙන්නේ රෙපා සහ දෙපා කියලා තමයි. රෙපා සහ දෙපා දේශපාලන වැඩසටහන ආරම්භ කිරීමටයි...


අද අපේ මුල්ම වැඩ සටහනට අපගේ ආරාධනය පිළිගෙන මේ මැදිරියට පැමිණ තියෙනවා. අපේ රටේ කතාබහට ලක්වන ජනප්‍රිය දේශපාලන චරිතයක්. සුහද හදක් ඇති, ජන හද හදුනන මෙතුමාගේ නම කියූ සැනින් රටේ ජනතාව  හදුනන නිසා අද අපි ඔහුගේ නම කියන්නට යන්නේ නැහැ.


රෙපා: ආයුබෝවන් ඇමතිතුමා


දේ.පා: ආයුබෝවන් ආයුබෝවන් රෙපා මහත්තයටත්, රටේ සියලු ජනතාවටත් මේ චැනල් එකේ වැඩ කරන හැමෝටමත් මගේ ආසනේ මට ඡන්දය දුන් නොදුන් හැම දෙනාටමත්....


රෙපා: ඉතින් ඇමතිතුමා ඔබතුමා දැනටමත් දන්නවා ඇති අපේ මේ රෙපා සහ දෙපා වැඩසටහනෙන් කරන්නේ අපේ රටේ ජනප්‍රිය දේශපාලන චරිත මෙතනට ගෙන්නලා රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ චරිතයේ නොදකින පැත්ත ගැන සාකච්චා කරන එක කියලා.


දෙපා: නොදකින පැත්ත කියල කිව්වේ?


රෙපා: නොදකින පැත්ත කියල කියන්නේ ඇමති තුමා මේ රටේ ජනතාව දන්නේ ඔබතුමාගේ දේශපාලන කටයුතු ගැන විතරයිනේ?


දෙපා: ඉතිං


රෙපා: ඉතිං අපි කැමතියි එතනින් එහාට ගිහිල්ල ඔබතුමාගේ පුද්ගලික තොරතුරු ටිකක් ජනතාවට ඉදිරිපත් කරන්න.


දෙපා: මගේයි මගේ පුතාගෙයි පුද්ගලික ජිවිතේ ගැන ඔය මාද්‍ය වලින් අම්බානක වර්ණනා කරන්නේ තව මොනවද ඔකේ දැනගන්න තින්නේ රෙපා මහත්තයෝ....


රෙපා: එහෙම නෙවෙයි ඇමතිතුමා මම ඇහුවේ ඔබතුමාගේ ගම පළාත, කුඩා කාලය, දේශපාලනයට පිවිසිච්ච ආකාරය වගේ තොරතුරු ටිකක්. මම හිතන්නේ ඒක අනාගතේ දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ තරුණ තරුණියන්ට ආදර්ශයක් වෙයි


දෙපා: අන්න එහෙමනේ ඕක අහන්න ඕනේ. මම හොද ආදර්ශවත් කෙනෙක් තමයි.


රෙපා: ඉතිං ඇමති තුමා අපි පටන් ගනිමුද ඔබ තුමාගේ කුඩා කාලයෙන්ම?


දෙපා: හ්ම්ම්ම්... රෙපා මහත්තයට කියන්න. මම ඇවිල්ලා දකුණු පළාතේ පොරක්. මම  පුංචි කාලේ ඉදලම බොහොම ගුණ යහපත් ළමයෙක්. හතර පෝයටම සිල් ගත්ත අපේ අම්මත් එක්ක ගිහින්. ඉතිං මගේ මේ ගුණ යහපත් කල ක්‍රියාව අපේ ගමේ ඉන්න ඉරිසියාකරයින්ට දරා ගන්න බැරි උනා. උන්ට මා එක්ක තිබුනේ තද බල වයිරයක්‌. ඉතිං ඒ අය මාව විනාස කරලා දාන්න මැරවරයෝ ටිකක් එව්වා අපේ ගෙදරට.  


රෙපා:  ඔය කාලේ ඔබ තුමා පොඩි ළමයෙක වෙන්න ඇති නේ. ඉතිං උන් ඔබතුමාට පහර දුන්නද?


දෙපා: මට ගහල එහෙම පැනල යන්න කපනවා හු @##@# පුතාලව කෑලි කෑලි වලට.


රෙපා: ඇමති තුමා ටිකක් සන්සුන් වෙන්න. මේක සජීවී සංවාදයක්. රටේ ජනතාව බලාගන ඉන්නවා.


දෙපා: මේක ලයිව් කියලා කලින් කියන්න එපායැ. එතකොට පහළොවක් දාසයක්‌ විතර ඇති මයේ හිතේ. එදා මම ඒ මැරයින්ට අහු උනා නම් අද මේ වගේ අවංක සත්ගුණවත් දේශපාලකතුමෙක් එක්ක ඔබ තුමාට අද මේවගේ සාකච්චාවක් කරන්න ලැබෙන්නේ නෑනේ....


රෙපා: ඉතිං ඊට පස්සේ මොකද උනේ ඇමතිතුමා.


දෙපා: ඊට පස්සේ මට ගමේ ඉන්න බැරි තත්වයක් උද්ගත උනා. මම ගමෙන් පැනලා කොළඹ ආව.


රෙපා: දිගින් දිගටම ඒ මැරයෝ ඔබතුමාට කරදර කරන්න එන්න ඇති නේ?


දෙපා: මම වගේ දෙයියෝ බුදුන් අදහාගන පාඩුවේ ජිවත් වෙන කෙනෙකුට කරදර කරලා ඒ අය යහතින් ඉදියි කියලා හිතනවද? අනිත් ඒක බුදුහාමුදුරුවන්ටත් හතුරුකම් කරන්න දෙවදත්තරයෙක් හිටපු එකේ මට නැති වෙයිද? ඒ උනාට දෙයියෝ උන්ට දඩුවම් දුන්නා. එදා රාත්තිරියේම උන්ගේ ගෙවල් දොරවල් කව්දෝ ගිනි තියලා. ගහන්න ආව උන්ගේ ඔලු පැලිලා. ඉතිං ඒක කලේ මම කියලා හිතලා උන්ගේ හත්මුතු පරම්පරාවම මගේ පස්සේ පැන්නුවා. මම කොළඹට පැන ගත්තා.


රෙපා: ඉතිං උන් කොළඹ ආවේ නැද්ද ඔබතුමාව හොයාගන. ඔබ තුමාගේ කොළඹ ජිවිතේ ගැනත් දන ගන්න අපේ ප්‍රේක්ෂක ජනතාව කැමති වෙයි මම හිතන්නේ?


දෙපා: උන් කොළඹ ආවනම් උනුත් පන පිටින් යන්නේ නෑනේ. දෙවියෝ දඩුවම් දෙනවා. අනික එදා උන්ට අහු උනා නම් අද මමත් මෙතන නෑනේ රෙපා මහත්තයෝ....


රෙපා: ඉතිං අපි දැනගන්න කැමතියි ඔබ තුමාගේ කොළඹ ගත කරපු ජීවිතය ගැන


දෙපා: රෙපාට කියන්න මම කොළඹදී කෑවේ අම්බානක කට්ටක් බං. අඩු ගානේ මලක් ගහන්නවත් අතේ සතේ නෑ බං.


රෙපා: මලක් ගහනවා කිව්වේ ඇමති තුමා


දෙපා: හුටා ලයිව් නේද? මලක් ගහනවා නෙවෙයි මම කිව්වේ බුදුහාමුදුරුවන්ට පුජ කරන්න මල වට්ටියක් ගන්න තරම් වත් සල්ලියක් ඒ දවස් වල මගේ අතේ තිබුනේ නෑ කියලා.....


රෙපා: ඉතිං මන්ත්‍රී තුමා කියන්නකෝ ඔබතුමාගේ කතාව.


දෙපා: මම ඔය දවස් වල නිදා ගත්තේ කොහේ හරි බස ස්ටෑන්ඩ් එකක පත්තර කොලයක් දාගන. කියක් හරි හොයා ගත්තේ කාට කාට හරි ඔය මොන මොනවා හරි වැඩක් කරලා දීලා. ඉතිං ඔන්න ඔහොම ඉන්න ඒක දවසක තමයි මට පුෂ්පකුමාර යුව රජ්ජුරුවන්ව මුණ ගැහුනේ?


රෙපා: යුව රජතුමා ඇමති තුමාට සහයෝගයක් දෙන්න ඇතිනේද?


දෙපා: රෙපා මහත්තයට කියන්න අන්න මිනිස්සු. නෙවෙයි දෙවියෝ (අසුනින් නැගිට අහස දෙසට අත් දිගු කර වදියි) හුටා මේ ප්‍රෝග්‍රෑම් ඒක අපේ මිහිදු රජ්ජුරුවෝ බලන එකක් නෑ නේද? බැලුවොතින් නම් ජුලි හතයි. (වහා පැමිණ අසුනින් වාඩිවෙයි)


රෙපා: එතුමා මේ වැඩසටහන නොබලත්වා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඇමතිතුමා යුව රජතුමා ඔබ තුමාට  මොන වගේ සහයෝගයක්ද දුන්නේ කියල මතක කරනවා නම්?


දෙපා: එතුමා පුදුමාකාර හදවතක් තිබුන පුද්ගලයෙක්. මගේ සහජ දක්ෂතා සියල්ල අදුනගත්තා. ඒ නිසාම මට එතුමා ලග එතුමා වෙනුවෙන් වැඩ කරන්න චෑන්ස් ඒක ලැබුනා...


රෙපා: මොනවද ඉතිං ඔබතුමා එතුමා ලග කරපු වැඩ රාජකාරි එහෙම?


දෙපා: ආයේ වෙන මොනවද බං. පෝස්ටර් ගැහුවා. අනිත් පැත්තේ උන්ගේ කොඩි වැල් කපුවා, ගහ මරා ගත්තා, ඔලු පලා ගත්තා,
නෑ නෑ නෑ වැරදුනා, මම තමයි එදා ඉදලා එතුමාගේ සම්බන්දිකරන ලේඛම් තුමා. අපි කොච්චරනම් සමාජ සේවා කටයුතු කලාද? පාරවල් පාලම් හැදුවා, පන්සල් පල්ලි හැදුවා. ගොඩාක් ඔය සමිති සමාගම් වල වැඩ කළා.


රෙපා: එතකොට ඔය අතරේදී තමා ඔබතුමාගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිද්ද වෙන්නේ?


දෙපා: මට ඔය බර වචන තේරෙන්නේ නෑ බං. මම මෙහෙම දේශපාලනේට ඇවිල්ල මේ තත්වෙට එයි කියලා ඔය කියන කාලේ මම හීනෙන වත් හිතුවේ නෑ බං. ඒක තමා මගේ ලක් ඒක කියන්නේ ....


රෙපා: ඉතිං කොහොමද ඔබ තුමා දේශපාලනේට පිවිසුනේ?


දෙපා: ඉතිං මම ඔය යුව රජතුමා ගාව සමාජ සේවා කටයුතු කරගන ඉන්න අතරේ ආවනේ මහා කතිර වරණයක්. ඔය කතිර වරනෙට අපේ පැත්තෙන්ම ආව එක්කෙනෙක් එක්ක පරණ කෝන්තරයක් තිබුනා අපේ යුව රජ්ජුරුවන්ගේ හිතේ.


රෙපා: දේශපාලන කුමන්ත්‍රණයක් කරලා වගේ?


දෙපා: පැනල දෙන්නේ නැතුව ඉන්නවකෝ මට මේක කියන්න දීලා.


රෙපා: හරි හරි ඇමතිතුමා කරගන යන්නකෝ කතාව


දෙපා: මම ඉතිං යුවරජතුමාගේ අවංක සුචච කීකරු ගෝල බාලයා හින්දා එතුමා මාව දැම්ම අනිත් පැත්තෙන්. එතුමා මට වියදම් කළා මම දිනුවා. අර යකා පැරදුනා 


රෙපා: අම්මට හුඩු, මාර චෑන්ස් පාරක්නේ වැදිලා තියෙන්නේ.. 


දෙපා: මාරයිද කියලත් අහනවා. මේක මගේ ලක් ඒක බං ලක් ඒක. පරණ පිනක් මගේ ඉහේ කඩාගන වැටුනා.....
(ඇමති තුමා ගීතය ගායනා කරමින් අසුනින් නැගිට නැටීමට සුදානම් වෙයි)


රෙපා: මොනවද ඇමතිතුමා ඔය කරන්න හදන්නේ? මේක සජීවී වැඩසටහනක්. මිනිස්සු බලන් ඉන්නවා. 


දෙපා: අම්මට සිරි ( නැවතත් අසුනේ වාඩිවෙයි)


රෙපා: අපි අද රෙපා සහ දෙපා තුලින් සාකච්චා කරමින් සිටියේ අපේ ජනහද හදුනන, සුහද හදක් ඇති ආචාර්ය  mbjnbj skjkj මැතිතුමාගේ ජිවිතයේ ඔබ නොදුටු තොරතුරු පිලිබදවයි. අපි දැන් අනුග්‍රාහක භවතුන් ගේ පණිවිඩ කිහිපයක් වෙත යොමු වීමට ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙමු.
........................................................................................................................................................
වෙළද විරාමය ඔබ වෙත ගෙන එන්නේ "බොකු දිරාස් " ගැහුවොත් ගැහුවමයි


........................................................................................................................................................
(විරාමය අතරතුර මැදිරිය)
ඇමතිතුමාගේ ගෝලයකු ජංගම දුරකතනයක් රැගන මැදිරියට දිව එයි, ඇමතිතුමා පිළිතුරු සපයයි
........................................................................................................................................................ 
(දැන්වීම්)


මේසන් බාස්: මොනවද මහත්තයෝ මේ ගෙනල්ල තියෙන ලනු. මේවයින් පලංචි බැන්දොත් නම් අපට වැඩිකල් අතපය කඩා ගන්නේ නැතුව මේ රස්සාව නම් කරන්න හම්බ වෙන්නේ නෑ.


හිමි කරු: ඇයි බාස් උන්නැහේ  එහෙම කියන්නේ. මම පල්ලෙහා කඩෙන් හොදට තෝරලා බලලා නේ මේවා ගෙනාවේ.


මේ. බාස්: එකනේ කියන්නේ ඒ මුදලාලි මහත්තයටත් දීලා තියෙන්නේ දිරච්ච ලනුවක් නේ. මහත්තයෝ ලනුවක් ගන්න කොට බලන්න ඕනේ මරු සිරා ලාංචනය තියෙනවද කියලා. පලංචි බදින්න, ගස් බදින්න වගේම කාට හරි කවන්න උනත් නියම ලනුව තමයි මරු සිරා..


         " නොකැඩෙන්න බදින්න - මරු සිරා ලනු ගන්න "


එකම නියෝජිතයෝ මරු සිරා ඩිස්ට්‍රිබියුටර්ස් නුවර පාර දළුගම කැලණිය. 
................................................................................................................
( විරාමය අතරතුර මැදිරිය)


දෙපා: (දුරකතනයට) මොන @$##@ යකෝ කියන්නේ මේකෙන් මට තියන ජනතා ප්‍රතිචාරෙට කෙල වෙනවා කියලා. උඹලට බෑ යකෝ මාව මේකෙන් එලවන්න. දැනගනියව් රජ්ජුරුවොත් මා එක්ක දෙයියොත් ඉන්නේ මා එක්ක කියලා . 


( දුරකථනය විසන්දි කොට දමා පැමිණ රෙපාගේ ටයි පටියෙන් අල්ලා ගනී. ඉනේ ගසා සිටි කට පුංචා රෙපාගේ ඔලුවට තබයි. අනෙකුත් පිරිස බියපත්ව බලා සිටියි )


දෙපා: අඩෝ #@#@# උඹල හිතුවද මගේ පරණ කුණු කන්දල් ඇදලා අරගන මට තියන ජනතා ප්‍රතිචාරේ නැති කරන්න. එව්වා සුම්මා යකෝ. උඹව ගස් බදින්න මට මරු සිරා ලනු ඕන නෑ යකෝ. ගැට ගහනවා මේ ටයි පටියෙන්ම ලයිට් කණුවක. 


( රෙපාව අතහැර දමා අනෙකුත් පිරිස වෙත කට පුංචා දිගු කරයි)


දෙපා: අඩෝ දන ගනිල්ලා මා එක්කලා සෙල්ලම් බෑ හරි. යට කරලා දානවා ඔරුගොඩවත්තේ කුණු කන්දට. මේවා ඔක්කොම කුඩු කරනවා යකෝ. මේකෙන් මගේ ජනතා ප්‍රතිචාරෙට මොනවම හරි වෙලා තිබුනොත් බලාගමු හරි....

(අසල තිබු ලයිට් සෙට් එකකටත් පා පහරක් දි ඇමති තුමා සිය පිරිසද සමග පිටව යයි)
.............................................................................................................


වෙළද විරාමය අවසන් කලේ දන්කොටුව ස්පෙෂල් වෙතින් - දන්කොටුව ස්පෙෂල් ලෙඩා මලත් බඩ සුද්දයි 


.............................................................................................................


රෙපා: ඔව් විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් රැදී සිටින්නේ රෙපා සහ දෙපා වැඩසටහන සමගයි. කනගාටුවෙන් උනත් ඔබට දැනුම දීමට විශේෂ දැනුම දීමක් තියෙනවා. හදිසියේම ලැබුන ආරාදනයකට අනුව අපගේ විශේෂ ආරාදිත අමුත්තා වූ ඇමතිතුමා මිට සුළු මොහොතකට පෙර මැදිරියෙන් පිටත්ව ගියා. ඒ එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොත් වහන්සේ නමක් පලද වීමේ උත්සවයකට සහභාගී වීම සදහා. එතුමා පිනට දහමට ඉතාමත් ලැදි පුද්ගලයෙකු වීම නිසාම මෙම අවස්ථාවට සහභාගී වීමට පිටත්ව යාම නිසා ඔබට ඇතිවූ අපහසු තාවය පිලිබදව අප ඔබගෙන් සමාව අයදිනවා. මේ මියුරු ගීතයක් සමගින් තවත් දිනකදී දේශපාලන ලෝකයේ තවත් පෙරළිකාර චරිතයක් සමග හමුවන තුරු අදට අපි රෙපා සහ දෙපා වැඩසටහන තුලින් අපි ඔබගෙන් සමු ගන්නවා.  ඔබට සුබ රාත්‍රියක් .....


කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් අපට
මොන කෙන්ගෙඩියද තව ඕනෑ කියන්නේ ......//
කන්න දුන්නේ නැතත් අපට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ ...//
කියන දෙයක් ඒ හැටියට කොරාන්නම් ,
අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නාම්...............




Saturday, October 6, 2012

නාඳුනන්නෙකු සංගීතය වයන විට






චිත්‍රපටිය  - අලෛපායුදේ
තිරගත වූ වසර - 2000
චිත්රපට අධ්යක්ෂණය - මනිරත්නම්
ගායනය - ස්වර්ණලතා
ගීත රචකයා - වෛරමුත්තු
සංගීතය - ඒ. ආර්. රහමාන්
විෂය - ප්‍රේමය හා විරහව


නාඳුනන්නෙකු සංගීතය වයන විට


නාඳුනන්නෙකු සංගීතය වයන විට
අඳුරේම සිටිමින් මම එය ආස්වාද කරමි.
ධයානයකට සමවැදී එය ගැනම සිතමි.
ටික ටික ඒ ගැනම සිතමින් එය ටම සෙනෙහස පාමි.
මා එයම ඉල්ල ඉල්ලා හඬා වැටුණද,
එය කිසිවකුටත් නොවැටහේ…….
වනයේ තිබෙන්නා වූ උණ පඳුරු වලට
ඔහු, මුමුණන්නා වූ රහස මට ද නොතේරේ ?

නාඳුනන්නෙකු සංගීතය වයන විට

බටනාලාව හා මල් පොකුර
නුඹලාත් මමත් එක් ජාතීයේය .
හදවතේ නිදන්ගත් වේදනාවෙන්
නුඹටත් මටත් හරි අඩකි
ඉබේම දෑසින් කඳුඵු ගලායාමට සැලැස් වූ
මී මෙන් රසවත්  වූ සංගීතය,
නුඹ නිසා මාගේ ශෝකය අමතක  කළෙමි.
මේ සුමියුරු සංගීතය නොවීනම්
කෙදිනදෝ මා මැරී තිබේවී…………..

නාඳුනන්නෙකු සංගීතය වයන විට

නිදි නැති පෙරදා රාත්‍රීයේ
මා හදවතේ යම් වෙනස් වීමකි………
එවැනි අනුකම්පා විරහිත රාත්‍රීන් වල,
නාඳුනන්නා එවූ වෙනස් වීමක්ද ?
මාගේ ශෝකය නිවීමට
ඖෂධයන් කොතැනකවත් නැත්තේය
හැර දැමූ ජල කරාමයක්  සේ හඬා වැටීමට
නෙතු රාශියක් ද මට නොමැත !

නාඳුනන්නෙකු සංගීතය වයන විට

Monday, September 24, 2012

මිස්ටර් පෙරේරා





මම ජනේලයෙන් පිටත බැලුවෙමි.මිදුල අවට මලානික එළියක් විහිදුවමින් දැල්වෙන විදුලි බුබුල නිසා අන්දකාරය වෙලා ගත් පරිසරයට ආලෝකයක් නොව මහා මූසල පෙනුමක් එක් වී තිබිණි.මාගේ සිත මූසල පෙනුමටම සරිලන සේ මහා ගුප්ත හැඟීමකින් වෙලා ගැනුණි.

"තරු, මේ තේ එක නම් ඇත්තටම රසයි.ටිකක් බීලා බලනවද ?" ඔහු මගෙන් ඇසීය.

"එපා . අපි යං ... හොඳටම කඵුවරත් වෙලා."  මම ඇවිටිලි කළෙමි.

"අයියෝ පොඩ්ඩක් ඉන්නකෝ,ගෑණුත් එක්ක ගමනක් ආවොත් ඔහොම්මමයි." ඔහු නිරුස්සනා ස්වරයෙන් කීවේය.

නාලක අයියා, නුවර එළිය ප්රදේශයට අයත් තේ ෆැක්ටේරියක සහාය කළමණාකරු වශයෙන් සේවය කළේය. අපි  නාලක අයියාගේ  නිවසට නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණියෙමු. හරියටම 2001 වසරේදීය.

පුංචි කඳු ගැටයක් උඩ සාදා තිබූ ඔහුගේ අලංකාර බංගලාව මා සිත් ඇද බැද ගත්තේය.එහි මිදුලේ සිට බැලූ විට ඔහුගේ පරිපාලණය යටතේ තිබුණු විශාල තේ වතු යායවල් ඉතා ආකර්ශණීය ලෙස දිස් විය. බංගලාවේ සිට තේ ෆැක්ටේරියට තිබුණේ කිලෝමීටර දෙකක පමණ පයින් යා හැකි දුරකි. සවස පහට පමණ අප තේ ෆැක්ටේරියට ආවේ එය නරඹණ අරමුණිනි.අප සියඵු දෙනාම ෆැක්ටේරිය සිත් සේ නැරඹුවෙමු.අවසානයේදී අප පැමිණියේ තේ කොළ වර්ග කරන කාමරයටයි.එහි ගිය මොහොතේ සිට මා සමඟ එහි ගිය  පිරිමි තිදෙනාටම කිසිඳු ඉස්පාසුවක් නැත. විවිධ තේ කොළ වර්ග එක් එක් කෝප්ප වලට දමා ගෙන ඔවුන්ද විවිධ වූ තේ වල රස බලයි, සිනා සෙයි , විහිඵු කර ගනී එතැන එකම විකාරයක්ය. අතර වැය වී යන්නා වූ කාලය ගැන මේ තිදෙනාට  කිසිඳු මතකයක් නැත.

ඉන් ටික වේලාවකට පසු අප සිව්දෙන ෆැක්ටේරියෙන් එළියට ආවෙමු.

" හරි වැඩේ හොඳටම කඵුවරයි.ටෝච් එකක්වත් නෑ දැං කොහොමද යන්නේ ? " මම කීවෙමි.

" බය වෙන්න එපා. අපි ඉන්නවනේ " ඔහු කීවේය.

සීතලෙන් බේරීමට ස්විටරයකුත්, තොප්පිත්,කර වැසෙනසේ මෆ්ලර්ස් දමා ගෙන අතින් ටෝචයක්ද ගෙන කවුදෝ දෙදෙනෙකු ෆැක්ටේරියේ ගේට්ටුවෙන් ඇතුඵු වූහ.

" ඔයාලා කවුද ? " රතු පාට ස්විටරය හැඳ සිටි මැදි වයසේ යැයි කිව හැකි උස මහත පුද්ගලයා ඇසීය.

" අපි චින්න දොරේගේ යාඵුවෝ " චූටි මල්ලී කීවේය.
" හා හා හොඳයි හොඳයි පරිස්සමෙන් යන්න. " ඔහු සිනා පිරි මුහුණින් එසේ කියා අප පසු කර ගියේය.

දැඩි අඳුර නිසා පාර එතරම්ම නොපෙනුණි.පාරේ වලවල් වල නොවැටී ඉතා සෙමින් නාලක අයියාගේ නිවසට ඇවිදගෙන ආවෙමු.

රාත්රී ආහාර වේලද සූදානම් කර මේසය උඩ විය.

" අයියා අපි දැං එනකොට මිස්ටර් පෙරේරා හම්බවුණා. " චූටි මල්ලී කීවේය.
චූටි මල්ලී නාලක අයියාගේ සහෝදරයායි. අප එහි බව දැන ඔහුද නාලක අයියාගේ නිවසට පැමිණියේය.

සුදු අක්කී තම දෑස් ලොකු කරගෙන චූටි මල්ලී දෙස බලා සිටියාය.
" පිස්සු. වෙන කවුරු හරි වෙන්න ඇති " නාලක අයියා කීවේය.

" නෑ අයියා එයාමයි. " චූටි මල්ලී නැවතත් කීවේය.

" මනුස්සයා මැරිලා දැං මාස තුනකටත් වැඩියි." නාලක අයියා එසේ කීවේය.
එදා මුඵු දවසම මිස්ටර් පෙරේරා අපගේ මාතෘකාව විය.අප සියල්ලෝම චූටි මල්ලීට විහිඵු කර විනෝද වූවෙමු.

දින සතරක නිවාඩුවද නිම විය.අප කොළඹ බලා පැමිණියෙමු. බස් රථය තේ සඳහා අඹේපුස්ස නගරයේ නතර විය.

"තරු මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.දැං කොළඹනේ, ඒ නිසා ඒක කිව්වාට කමක් නෑ කියලා හිතුනා." ඔහු කීවේය.

"මොකක්ද ? " මම ඇසීමි.

" අර ඔයාට මතකද එදා චූටි මල්ලී මිස්ටර් පෙරේරා දැක්කා කිව්වා.ඒක ඇත්තලු. පැත්තේ ගොඩක් අය එයාව දැකලා තියෙනවාලු.මිනිහා මැරිලා තියෙන්නේ හාට් අටෑක් එකකින්.දැං ඔය තේ වත්තේ කැරකෙනවාලු. සමහරවිට තනියම සමහරවිට තවත් කවුරු හරි එක්කලු.නාලකත් දෙපාරක් විතර දැකලා තියෙනවාලු. සුදුයි ඔයයි හිටපු නිසා වෙලාවේ ඇත්ත කිව්වේ නෑලූ." ඔහු කියවාගෙන ගියේය.

එය අසා දැඩි ලෙස බියට පත්ව සිටි මාගේ දෙනෙත් වලින් කඳුලු රූරා වැටුණි.