අම්මියෝ කාලෙකින් මේ පැත්තේ ආවෙ
මම හිතන්නේ සතියකින් විතර
මොනා කරන්නද අෆ්ෆා ගෙදර ජාලෙ නැති උනාම ඔපිස් ඒකේ පිහිට විතරනේ
මෙහෙත් වැඩ වැඩ වැඩ ඉවරයක් නැ
සූට්ටක් ඉන්නකො එහෙනම් මම මේ මකුලු දැල් ටික කඩල දාල අස් පස් කොරලා දානකල්
ඔන්න එහෙනම් වැඩ ඉවරයි
මම අද සූටි කතාවක් කියලා යන්නම්කෝ මම තව ටිකකින් යන්නත් ඕනි නිසා
මේක අපි උ.පෙ කාලේ කරපු සූටි හොර වැඩක්
අපිනෙ ඉතින් ඉස්කෝලේ ඉන්න ලොකු අක්කලා
අපිට කවුද බය අපි කාටද බය කියලානෙ ඉන්නෙ ඉතින්
ඔන්න ඔහොම ඉන්නකොට අපේ අබාගෙත් ආවා
ඒ කියන්නේ හැමෝම දන්න බාසාවෙන් කිව්වොත් විබාගේ
අපේ සෙට් එක තමා අපේ ඉස්කෝලේ හිටිය පිස්සුම සෙට් එක
ටීචර්ස්ලා ආදරේට අපිට කියන්නේ 5කල්ලිය කියල්ලා
ළම්යි පණයනකල් පන්තියට වෙලා පාඩම් කරනකොට අපි ඉතින් කරන්නේ ඉස්කෝලේ වටේ ඇවිදින එක
ඔන්න ඉතින් අපි 5 දෙනා එදත් සුපුරුදු පරිදි ඇවිදගෙන යනකොට පුස්තකාලෙ පැත්තෙත් ගියා
එතනින් යනකොට අපෙ ඩියා කැගහනවා එ මචෝ අපිට BS පේපර් එකට 100 කියලා
අපි ඒත් බැලුවා ඒ මොකක්ද යකෝ ඒකේ තේරුම කියලා
එක්සැම් එකට තව සතියකුත් තියෙනවා ඕන අට මගලයක් කියලා ඒකා ලගට ගිහින් බැලුවා මොකක්ද සීන් එක කියලා
පස්සෙනෙ අඩේ දැක්කේ අපේ පුස්තකාලෙ මිස් අපේ BS පේපර් එක කොම්පිතරේ ටයිප් කොරනවා
අපිට නිකන් දෙය්යො බුදුන් දැක්කා වගේ සින් සින් ගාලා එක්කෙනෙක් ගිහින් කොලේකුයි පැනකුයි ගෙනාවා කස්ටියම ඉතින් ලියනවා පේපර් ඒකේ තියෙන ප්රශ්න ටික
ඔන්න ඉතින් පේපර් එක තියෙන දවසත් ආවා
අපි ලියනවා හුරේ කියලා
ළමයි අපි දිහා බලන් ඉන්නවා
මුන් පාඩමුත් නොකර කොහොම ලියනවාද කියලා මොකද අපි ඉස්කෝලෙදි මලාට BS පීරියඩ් එකේ පන්තියෙ ඉන්නෙ නැ හිටියත් දොයි
විභාගෙත් ඉවර උනා, ලකුණු දෙන දවසත් ආවා, සර් දෙන් පන්තියට ඇවිත් ලකුණු පිලිවැලට පේපර්ස් ටික බෙදනවා වැඩිම ලකුණු 99% ඒන්ජල්
හිකිස් ඔව් ඔව් හලේ ඒ මම තමයි ඒ, ඊලගටත් 99% යි ඩිලා, ඊලගට 98% දිලා, ඊලගට 97% ලක්මි,
ඊලගට 97% දරේ, ස්ර් මූන නිකන් දැන් ලොරියට අහු උන කජු ලෙල්ල වගේ
පන්ති 3න්ම වැඩියෙන්ම බැනුම් අහන්නෙත් අපි, වැඩියෙන්ම ලකුණුත් අපිට
පේපර්ස් ටික බෙදලා ඉවර වෙලා සර් අපිට කතා කලා මෙහෙ එනවා ඔය 5 කල්ලිය
කොහොමද මෙච්චර ලකුණු ගත්තෙ කියනවා බලන්න
මේ මංතුමිය පැනපු ගමන් කියාපිය ඇයි ස්ර් අපි ලකුණු ගත්තොත් ඒවා ලකුණු නෙමෙයිද කියලා
සර්ට කට උත්තරත් නැ
හා හා යනවා එහෙනම් යන්න 5දෙනාම
හිකිස් මලු වැඩේ තමා සර්ට් උනේ
පන්තියට ගියාම ළමයි අපිව වට කරගෙන 4වෙනි තට්ටුවට ගියා වගේ ප්රශ්න කොරනවා
ඒ කොහොමද බන් මෙච්චර ලකුණු ගත්තේ කිය කිය අහනවා මළ වදේ ඉවරයක් නැ අපේ ඩියාට තද උන පාර කියාපිය ඇයි යකො උඹලාට විතරද ලකුණු ගන්න පුලුවන් අපි ගත්තම නරකද කියලා කස්ටියන නිහඩයි අපිට මැරෙන්න හිනා
මේක ඉතින් සූටි කතාවක් කිව්වාට සූටිම නැ
අපි ඉතින් වැඩිය නෝටි ළමයි නෙමෙයිනේ ඒකයි මේ වගේ සුටි සූටි නෝටි වැඩ කරන්නේ